වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW :

වතු කම්කරු ජනතාවගේ වැටුප රුපියල් 200කින් වැඩි කිරීම සඳහා මහා භාණ්ඩාගාරයයෙන් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් වතු ජනතාව ජනාධිපතිවරයාට ප්‍රශංසා කළ බව සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද සම්මත කළ බව පැවසේ.


දිගු කලක සිට වතු කම්කරු ජනතාවගේ වැටුප වැඩි කරන ලෙසට කරන ලද ඉල්ලීමට ආණ්ඩුව මැදිහත් වීම ඉතිහාසගත සිදුවීමක් බවද එය වතු ජනතාවට නව බලාපොරොත්තු ඇති කරන බවද එම ස්තුති යෝජනාවේ සඳහන්වේ.


මෙම ස්තුතියි යෝජනාවට දේශපාලන භේදයකින් තොරව නොවුට් ප්‍රාදේශ භාව නියෝජනය කරන සෑම පක්ෂයකම නියෝජිතයින් එකඟතාවය පළ කර ඇත.


නෝර්ත් ප්‍රාදේ සභාවේ සභාපති ජේ. පැ
ප්‍රැන්සිස් ඇලන් මහතා විසින් ඉදිරිපත් කළේ මේ යෝජනාවට පක්ෂව උපසභාපති සමගි ජන බලවේගයේ එන්.සිවකුමාර්, ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් මන්ත්‍රී ඩී.එන්. ජෙනෙස්ටර්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මන්ත්‍රී ඒ. ත්‍යාගරාජා, ජාතික පෙරමුණේ මන්ත්‍රී කේ. රාජේන්ද්‍රන්, සමග ජන බලවේගය මන්ත්‍රීවරුන් වන කේ. ශාන්ත කුමාර, කේ. වසන්දන්, ජේ.බාබු, එම්. උත්ත්‍රාදේවි සහ වී. මංජුලා යන මහත්ම මහත්මීන් අදහස් දැක්වූහ.


විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් කැඳවනු ලබන රටම එකට ජාතික සභාවේදී එයට සහභාගී වූ දේශකීර්ති සිවා ශ්‍රී වේලු සුරේෂ් ශර්මා පූජකතුමන්ද වතුකර ජනතාව වෙනුවෙන් ස්තුතිය පුද කරමින් ජනාධිපතිවරයාගේ උපන්දිනයට සුභ පැතුම් ද එක් කළේය.


වතුකරයේ ජනතාව ගොඩාක් දෙනා මට කිව්වා ඒ අය වෙනුවෙන් ඔබතුමාට ස්තූතිය පළ කරන්න කියලා. අපි අද සූදානම් වෙලාවේ සාකච්ඡාව පටන් ගන්න කලින් පළමුව ඊයේ දවසට යෙදුන ඔබතුමාගේ උපන් දිනයට සුබ පතන්නයි. ඒ වෙලාවේ බැරි උනත් අපි දැන් ඔබතුමාට ඒ සුභපැතුම් ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙතෙක් කාලයකට කිසිම ජනාධිපතිවරයෙක් නොකළ ලෙස ඔබතුමා වතුකරේ ජනතාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා” යැයි සුරේෂ් ශර්මා පූජකතුමන් එහිදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...