මහජන සම්පත පන්දහස් වන දිණුම් ඇඳීමට අදාළ පළමු ටිකට්පත ජනපතිට!

Date:

මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිණුම් ඇඳීමට අදාළ පළමු ටිකට්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අළෙවි කිරීම අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ රොන්ල්ඩ් සී පෙරේරා මහතා විසින් ටිකට්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නීතිඥ හෂිනි ජයසේකර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ඩී.ඩී. ජයසිරි, නීතිඥ අසංක රන්දෙනිය, සහකාර සාමාන්‍යාධිකාරි (අළෙවි) මෙනුර චතුරංග, සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) සුනෙත් ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

PMD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...