මහජන සම්පත පන්දහස් වන දිණුම් ඇඳීමට අදාළ පළමු ටිකට්පත ජනපතිට!

Date:

මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිණුම් ඇඳීමට අදාළ පළමු ටිකට්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අළෙවි කිරීම අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ රොන්ල්ඩ් සී පෙරේරා මහතා විසින් ටිකට්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නීතිඥ හෂිනි ජයසේකර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ඩී.ඩී. ජයසිරි, නීතිඥ අසංක රන්දෙනිය, සහකාර සාමාන්‍යාධිකාරි (අළෙවි) මෙනුර චතුරංග, සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) සුනෙත් ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

PMD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...