මට වූ දේම රාජපක්ෂ මහතාට ද ඇති වෙන්න ඇති – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ දී

Date:

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ තොරතුරු තමන්ට නොලැබුණ අයුරින්ම අරගලයට කොළඹ එන පිරිස් ගැන නිවැරැදි තොරතුරුද ගෝඨාභය රාජපක්ෂ මහතාට නොලැබෙන්න ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය.

ඒ අනුව බලද්දී තමන්ට වුණ දේම ගෝඨාභය රාජපක්ෂ මහතාටද ඇති වෙන්න ඇතැයි හිටපු ජනාධිපතිවරයා කීවේය.

අය වැය තෙවැනි වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබුණු තොරතුරු නිලධාරීන් විසින් හුවමාරු කර ගත්තා මිස රටේ නායකයා ලෙස තමන්ට නොදුන් බවත් අරගලයේදීද කොළඹට එන්නේ 20,000ක් පමණ යැයි තොරතුරු දුන්නද, අවසානයේ ලක්ෂ හතරක් පමණ ජනතාවක් පැමිණි බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආරක්ෂක ආමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 410න් සියයක් අඩු කර එය අධ්‍යාපනයට දෙන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේද කියා සිටියේය.

” මම ජනාධිපතිවරයා, ආරක්ෂක ඇමැතිවරයා විදියට කටයුතු කරද්දි ආරක්ෂක අංශයට වෙන් කළේ රුපියල් බිලියන 280යි. අද බිලියන් 410ක් වෙන් කර තිබෙනවා. පොලිසියේ ප්‍රශ්න රාශියක් තිබෙනවා. පොලිසිය ශක්තිමත් කරලා ජනතාවට ගහන්න කියනවා නෙවෙයි. පොලිසියට ගමන් බිමන්, වැටපු ප්‍රශ්න රැසක් තිබෙනවා. ඒව විසඳිය යුතුයි. ඒ වගේම මේ ආණ්ඩුව බලයට ආවේ ජාතික ආරක්ෂාව ගැන කිය කියා.

මගේ ඇගේ තිබුණු ඇට මිඳුලු ගැලෙව්වා ජාතික ආරක්ෂාව ගැන කිය කියා. ඒ කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මය ජනාධිපති කරන්න කිව්වේ. පාස්කු ප්‍රහාරය ගැන මම කිසි දෙයක් දන්නේ නැහැ. එය අවසානයේ මගේ ඇගේ දාන්න උත්සාහ කරනවා. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ආව තොරතුරු නිලධාරීන් අතර බෙදා ගත්තා මිසක් මට දුන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයට වුණෙත් මට වුණ දේමයි. තොරතුරු දුන්නේ කොළඹට 20,000ක් විතරයි එන්නේ කියලා.

අවසානයේ ලක්ෂ හතරක් විතර ආව. මොකද වෙඩි තියලා මරන්නද.‍ ආරක්ෂක අංශවල පූර්ණ ප්‍රතිසංවිධානයක් කරන්න ඕන. මුල් කාලේ අරගලය සුන්දරයි. ළමයි එනවා සිංදු කියනවා. නටනවා. මම හිතුවා ලෝකයේ සුන්දරම අරගලය මෙයයි කියලා. නමුත් එය අවසාන වුණේ නොහිතපු විදියටයි.”

යයි සිරිසේන මහතා පැවසීය

රෂිකා හෙන්නායක
2022.11.25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...