හදිසි ජල බිඳවැටීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලස්ගමුව, කොළොන්නාව යූසී ප්‍රදේශ, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වන අතර, ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසුවේ, අදාළ අලුත්වැඩියා කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...