සීනි නිශ්පාදනය ගැන අලුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී ඇත.

එහිදී බුද්ධික පතිරණ මහතා විසින්, ආංශික අධීක්ෂණ කාරක සභාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, ලබන වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට ක්‍රියාකාරී සැළැස්මක් මාස තුනක් තුළ සකසා භාර දෙන ලෙසයි. එහි අරමුණ වී ඇත්තේ භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීමයි.

එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, සීනි කර්මාන්තශාලාවල එතනෝල් අතිරික්තයක් පවතින අතර ප්‍රමිතියක් සහිතව අපනයනය කිරීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.

එතනෝල් ආනයනය තහනම් කිරීම හේතුවෙන් සීනි කර්මාන්ත ශාලා මේ වනවිට ලාභ ලබමින් පවතින බව කාරක සභාවේදී අනාවරණය වී ඇත.

එතනෝල්, මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන බැවින්, එම සීනි කර්මාන්ත ශාලාවලට මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබාදීම වඩාත් ඵලදායී බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇත.

එමෙන්ම සීනි පරිභෝජනය පිළිබඳ මෙරට ජනතාව තුළ පවත්නා දැනුම ඉතාමත් අල්ප හෙයින් නිවැරදි සීනි පරිභෝජන රටාව පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කිරීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසද කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...