බහරේනයේ තිබුණු ශ්‍රී ලංකාවේ යුගල බලාපොරොත්තුත් සිදී යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේදී පිරිමි යුගල අංශයෙන් අවසන් යුගල අට අතර සිටි ශ්‍රී ලංකාව නියෝජනය කළ යුගලයන් දෙකටම ඊයේ පරාජය වැළඳ ගන්නට සිදු වුණා.
ඔශාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු ඉදිරි ගමනට හරස් වුණේ ඉන්දියාවේ ක්‍රීස්න ප්‍රසාද් සහ සායි ප්‍රතීක්.ඔවුන් දෙදෙනා ඔශාමිකට සහ තුලිත්ට එරෙහිව ලකුණු 21 – 14 සහ 21 -14 ලෙස තරග වට 2- 0 ක ජයක් ලබා ගන්නට සමත් වුණා.


මධුක දුලාංජනට සහ ලහිරු වීරසිංහට එරෙහිව තරග වට 2-0 ක ජයක් ලබමින් අවසාන යුගල හතර අතරට එකතු වෙන්නට තායිලන්තය නියෝජනය කළ සිරාවිතට් සුතෝන් සහ නට්ටාපාට් ට්‍රින්කජී සමත් වුණා.එම තරගයේදී ඔවුන් ඉදිරියේ මධුක සහ ලහිරු පරාජයට පත් වුණේ ලකුණු 21 – 14 සහ 21 -7 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...