එමිරේට්ස් ගුවන් සේවාව ඊශ්‍රායලයට යන සියලු ගුවන් ගමන් අත්හිටුවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් නිල ගුවන් සේවාව වන එමිරේට්ස් ගුවන් සේවාව ගාසා තීරයේ යුද ගැටුම් සැළකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙනතුරු, ඊශ්‍රායලය බලා පියාසර කරන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නොවැම්බර් මස 30 වැනිදා දක්වා ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිටුවන බව එමිරේට්ස් ගුවන් සේවය මීට පෙර නිවේදනය කර තිබුණු අතර, ඊශ්‍රායලයේ පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, අදාළ බලධාරීන් සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින බවත් එමිරේට්ස් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර ඇතැයි ද වාර්තා වේ.

මීට පෙර පළමුව ඔක්තෝබර් මස 20 දක්වා ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිටුවා තිබූ අතර, පසුව එය ඔක්තෝබර් මස 26 දක්වා දීර්ඝ කර තිබිණි. ඉන් අනතුරුව නොවැම්බර් මස 14 වැනිදා දීර්ඝ කළ එමිරේට්ස් ගුවන් ගමන් පසුගියදා දීර්ඝ කරනු ලැබුවේ නොවැම්බර් මස 30 වැනිදා දක්වා කාල සීමාවකට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...