බස් එකක් කල හදියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බස් රථයේ තිරිංග අක්‍රීයවීමෙන්, මාතර සිට කොළඹ බලා ධාවනයවූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් රත්මලාන ගොළුමඩම හන්දියේදී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.

බස් රථයේ කොන්දොස්තරවරයා , සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මංතීරු දෙක වෙන්කෙරෙන දූපත් කොටසේ ඇති මැද යකඩ වැට කඩාගෙන ගොස් නතරවී ඇති අතර, යකඩ ආවරණ කොටස් 08ක් කඩාගෙන බස් රථය ඉදිරියට ධාවනය වූ බවයි වාර්තා වන්නේ.

අනතුරත් සමග මංතීරු දෙකේම රථවාහන තදබදයක් හටගෙන තිබූ බවත් , අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවත් ගල්කිස්ස පොලීසිය වැඩිදුර පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැත; ප්‍රහාර අඛණ්ඩව’ – ඉරාන විදේශ ඇමති

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මිට සුළු මොහොතකට...

“පරිසර පොළ” ඇමති නලින්දගේ නිරීක්ෂණයට!

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : කළුතර වස්කඩුව, වාඩියවත්ත...

කඩාවැටෙන කොටස් වෙළඳපොලේ විදේශීය මිලදී ගැනීම් වාර්තාගත ලෙස ඉහළට !

කොළඹ කොටස් වෙළඳපොල පසුගිය ජුනි 12 වනදා සිටම ක්‍රමිකව...