*
Friday, December 13, 2024
spot_img

Latest Posts

විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කරමින් මහජන නියෝජනත්වය පරිණතව ක්‍රියාත්මක කරන්න (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කරමින් මහජන නියෝජනත්වය හරහා කරන කාර්යභාරය විනිවිදභාවයෙන් යුක්තව වඩාත් පුරවැසියාට සමීපව කාර්යක්ෂම සේවාවක් ඉටු කළ යුතු බවත් නූතන තාක්ෂණය නව නිර්මාණ බිහි වෙන යුගයක නිරන්තරයෙන් අලුත් වෙමින් විවෘත පාර්ලිමේන්තු සංකල්පය ඉදිරියට ගෙන යා යුතු බවත් මේ හරහා මහජන නියෝජිතයන්ට අතිවිශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඇතුළු විවිධ ක්‍රමවේද හරහා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න හැකියාව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කාරක සභා, කමිටු ආදිය හරහා දැවැන්ත කාර්යක් ඉටු කළ හැකි බවත් ඊට අමතරව ප්‍රතිපත්ති සම්පාදනයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් වගකීමෙන් හා වගවීමෙන් මහජන නියෝජනත්වය පරිණත ලෙස කාර්යක්ෂම හා කාර්යශූර ලෙස ඉටු කිරීමේ හැකියාව ඇති බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ (නොවැම්බර් 25) පාර්ලිමේන්තුවේ පැවැති පුහුණු වැඩසටහනක් අමතමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ කුළුනු 3 ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ඇති බවත් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්ත්‍රිවරුන් ව්‍යවස්ථාදායක ක්‍රමවේදය හරහා රටේ අභිවෘද්ධිය හා උන්නතිය උදෙසා වැදගත් කාර්යභාරයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම වින්ස්ටන් චර්චිල් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති පරිදි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ පූජනීය සිද්ධස්ථානයක් බවත් පාලකයා සහ පාලිතයන් සම්බන්ධ කරන වැදගත්ම සංධිස්ථානයක් බවත් ජවහර්ලාල් නේරු අගමැතිවරයා විටෙක ප්‍රකාශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව යනු හුදෙක් නීති සම්පාදනය කරන ආයතනයක් නොව ජනතාවගේ නිදහස අයිතිවාසිකම් සුරක්ෂා කරන වැදගත්ම ස්ථානය බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

තවද පාර්ලිමේන්තුව තුළ තමන්ගේ වගකීම, යුතුකම හා ක්‍රියාදාමය ගැන පරිණත දැනුමක් ලබා ගත හැකි පොත් දෙකක් ඇති බවත් Erskine May සහ Kaul and Shakdher ගේ පොත් දෙක හොඳින් හදාරා පාර්ලිමේන්තු සභාගර්භයේ කමිටුවල ක්‍රියාකාරිත්වය හා මහජන නියෝජනත්ව ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට පරිණත ගමනක් යන ගමනට ශක්තියක් කර ගත හැකි බවත් එම නිසා සියලු මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට එහි පිටපත් ලබා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan