ජනාධිපති කියපු විනිවිදභාවය බොරුවක් – මුජිබර්ගෙන් චෝදනා

කොළඹ LNW: විනිවිදභාවය, පාරදෘශ්‍යභාවය ගැන ජනාධිපතිවරයා කතා කළද එලෙස කිසිවක් සිදුනොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

රේගුවෙන් බහලුම් 309ක් නිදහස් කිරීමේ සිද්ධියෙන්ම එය පැහැදිලි වන බවයි ඔහු පැවසුවේ.

අදාළ සිද්ධියට චෝදනා ලැබූ නිලධාරියාට ආණ්ඩුවෙන් සේවා දිගුවක්ද හිමි වූ අතර එය ඔහුට දුන් සන්තෝෂමක් ද යන සැකයද මතුව තිබෙන බවයි රහුමාන් මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් එම සිද්ධියට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා වගකිව යුතු බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.

”ජනාධිපතිවරයා රටේ බලය ලබා ගත්තේත් රටේ සිදුවන සෑම දෙයක්ම විනිවිධභාවයකින් සිදුකළ යුතු බව ප්‍රකාශ කරලයි. නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුබලය ලබාගත්තාට පසුව විනිවිධභාවයකින් කිසිවක් සිදුවන්නේ නැහැ. බහලුම් සිද්ධියේ පරීක්ෂණත් කිසිදු විනිවිධභාවයකින් සිදුවන බවත් පෙනෙන්නට නැහැ. බහලුම් 309 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කළත් එවැනි දෙයක් සිදුවන්නේන නැහැ. ඒ වගේම බහලුම් 309 රේගුවෙන් නිදහස් කිරීමේ සිද්ධියට චෝදනාවල ලක්වුණ නිලධාරියා රේගු අධ්‍යක්ෂ ජනාරාල්වරයා ලෙස පත් කරන්න ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන්නත් ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මෙම සිදුවිම තුළ කිසි විනිවිදභායක් හෝ පාරදෘශ්‍යභාවයක් නැහැ. කෙසේ නමුත් රේගු අධ්‍යක්ෂ ජනාරාල්වරයා ලෙස පත් කළ නිලධාරීයාගේ මැදිහත්වීමෙන් බහලුම් 309 නිදහස් කිරීමට කටයුතු කිරීමේ කප්පමක් ලෙස, සන්තෝෂමක් ලෙස ආණ්ඩුව ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන්න කටයුතු කළාදැයි සැකයක් මතුවෙනවා. ඒ වගේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන්න පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් කතානායකවරයා සහ ආණ්ඩුව එම තේරීම් කාරක සභාව පත්කරන්න කටයුතු කළේ නැහැ. කෙසේ නමුත් මෙම බහලුම් සිද්ධිය ආණ්ඩුව හිතා මතාම යට ගසන්න ආණ්ඩුව උත්සාහ දරන බවක් පෙනෙන්න තිබෙනවා. මෙම බහලුම් 309 නිසි පරික්ෂාවකින් තොරව නිදහස් කිරීම හරහා කෝටි ගණනක පාඩුවක් සිදුවී තිබෙනවා. ඒ හරහා රජයට අහිමිවුණ ආදායම ගණනය කරන ලෙස ජනාධිපතිවරයා පත් කළ කමිටුවත් නිර්දේශ කර තිබෙනවා. මහබැංකු සිද්ධියට වඩා විශාල බදු ආදායමක් රටට මේ හරහා අහිමි වෙලා තියෙන්න පුලුවන්. කෙසේ නමුත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම සිද්ධියට වගකිව යුතුයි.” යනුවෙන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...