මගේ වියදම මම කප්පාදු කළා – අගමැති

Date:

කොළඹ LNW:අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව 2022 දී 21%කින් සහ 2023 ඔක්තෝබර් වන විට46%කින් එසේ වියදම් සීමා කර ගෙන ඇති බවයි ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ.

2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ අගමැති කාර්යාලයේ වියදම 2022 දී මිලියන 1310.4ක් වූ අතර 2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල් මිලියන 705.7ක් දක්වා අඩු කර ඇත.

විශේෂත්වය වන්නේ 2021 දී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 1661.7ම වියදම් කර තිබුණද 2022දී වෙන්කළ රුපියල් මිලියන 1432.8න් 1310.4ක් පමණක් වියදම් කිරීමත්, 2023 දී වෙන්කළ රුපියල් මිලියන 1012.0න් රුපියල් මිලියන 705.7ක් පමණක් වියදම් කිරීමත්ය.

තමන් අගමැති ධුරය භාර ගැනීමට පෙර 2021-2022 කාලයේ අගමැති කාර්යාලයේ කාර්යමණ්ඩලය ද 500කට අධික වුවත් මේ වනවිට එම ගණන 285 දක්වා අඩු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. එහිදී වැටුප් වියදම 39%කින් අඩු කර ඇති අතර, ලිපි ද්‍රව්‍ය වියදම 74%කින් අඩුකර ඇති බවද හෙතෙම කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...