ජාතික උද්‍යාන බොහොමයක් නැවත දැනුම් දෙන තුරු වැසේ!

0
1848

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW :

අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01, 02, 03, 04, සහ 05 සංචාරකයින් සඳහා වසා තැබෙන බව වාර්තා වේ.

නමුත් කලාප අංක 06 කළු පාලම ප්‍රවේශ මාර්ගය පමණක් සංචාරකයින් සඳහා විවෘතව පවතින බව සඳහන් වේ.

එමෙන්ම හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය, වස්ගමුව ජාතික උද්‍යානය, කුමන ජාතික උද්‍යානය, විල්පත්තුව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය සහ කවුඩුල්ල ජාතික උද්‍යානය ද නැවත දැනුම් දෙන තුරු සංචාරකයින් සඳහා මුළුමනින්ම වසා දැමීමට පියවර ගෙන ඇත.