බිත්තර මිල ගැන රජයේ මුදල් කාරක සභාවෙන් නියෝගයක්

Date:

කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, අද තිබෙන මිල අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුලත ගණනය කොට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා විසින් මුදල් සහ වෙළඳ අමාත්‍යංශ නිලධාරීන් නියෝග කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් සකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

එසේම අදාළ රෙගුලාසි පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2022.05.10 දිනැති අංක 2300/12, 2022.05.06 දිනැති අංක 2278/21, 2022.06.24 දිනැති අංක 2285/19, 2022.10.21 දිනැති අංක 2302/31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල ප්‍රකාශයට පත් කරන ලද, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වීම ද මෙහිදී සිදු විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ සභිකයින් කලු පටි පැළද විරෝධතාවක!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : අද (20) දින...

IFS ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අතට සහ පපුවට

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ...

ශරීරයේ බර ප්‍රශ්නයක්ද? මෙන්න බර අඩු කරගැනීමේ රහස්~

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : කෙටි කාලයක් තුළ...

විලාසිතා කලාවේ ඉටෑලියන් පුරාවෘත්තයක් මෙසේ නිමා විය – Valentino Garavani

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): ලොව වඩාත්ම ආකර්ෂණීය...