දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/27

Date:

  1. මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 17 අතර දිනයක් තුළ පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි: මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය 2024 ජූලි මස (එකී මැතිවරණ කාලසීමාව ආරම්භවීමට මාස 02 කට පෙර දැනුම් දිය යුතු පරිදි) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇති බව ද පවසයි.
  2. විපක්ෂය අතර පවතින මතගැටුම් හේතුවෙන් ව්‍යවස්ථාදායක සභාවට දසවන සාමාජිකයකු පත්කර ගැනීමට බාධා එල්ල වෙයි: මේ තුළින් ව්‍යවස්ථාදායක සභාවේ වැඩකටයුතු ඇණහිට තිබේ: සභාව තුළ දැනට පුරප්පාඩු වී පවතින ආසනය වසරකට වැඩි කාලයක් මුළුල්ලේ පවතින්නකි: මෙම ආසනය වෙන්ව තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා හෝ විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන, පාර්ලිමේන්තුවේ තෙවැනියට විශාල පක්ෂයේ සාමාජිකයකු වෙත ය.
  3. සැම්බියාවේ ඇ.ඩො. බිලියන 3ක බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීමේ ගනුදෙනුව බිඳ වැටී ඇති බවට පළ වූ පුවත හමුවේ ශ්‍රී ලංකාව සහ ඝානාව අතර ජාත්‍යන්තර බැඳුම්කරවල විශාල කඩාවැටීමක් සිදුව තිබේ: මෙම බිඳ වැටීම හමුවේ ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා යොදවා ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් සැක මතුකරන බවට විශ්ලේෂකයන්ගේ මතයයි.
  4. 2022 මැයි 09 වන දිනට පෙර රටේ අග්‍රාමාත්‍යවරයා වීමට ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ට අපේක්ෂාවක් තිබූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ ප්‍රකාශය ඔහු ප්‍රතික්ෂේප කරයි.
  5. සීනි හිඟය මධ්‍යයේ සිල්ලර වෙළඳපොලේ සීනි මිල ඉහළ යයි: ඇතැම් වෙළඳසැල් තම සීනි තොග අවසන් වූ බව පවසයි: ඇතැම් වෙළඳසැල්, සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල මෙම සතියේ ඉවත් කිරීමෙන් පසු සීනි කිලෝවක මිල රු. 300 – 350 දක්වා ඉහළ දමයි.
  6. මහ කන්නය සඳහා මියුරේට් ඔෆ් පොටෑෂ් (බණ්ඩි පොහොර) දැනට පවතින රු. 19,000 මිලට සාපේක්ෂව මල්ලක් රු. 9,000 ක සහන මිලට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
  7. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ බහාලුම් ගාස්තු ගෙවීමට සිදුවීමෙන් පමණක් ඇ.ඩො. මිලියන 17 ක දැවැන්ත පාඩුවක් ලබා ඇති බව වාර්තා වේ: මෙය එම සංස්ථාවේ නිලධාරීන්ගේ වැරදි කලමනාකරණය මත සිදුව ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
  8. විදේශ ආයෝජන ව්‍යාපෘති 179 න් 31ක් පමණක් “ඵලදායී” බවට අනාවරණය වී ඇති බැවින් ඊට අදාළව ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස, පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ව්‍යාපෘති කලමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.
  9. සම්ප්‍රදායික අපනයන ගමනාන්තවල පවතින ආර්ථික පසුබෑම හමුවේ ඇති වන අභියෝග ජය ගැනීම සඳහා වෙළඳපල නංවාලීමට සහ විවිධාංගීකරණය කිරීමට ජපානය සහ ඉන්දියාව සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ගොඩනඟා ගන්නා මෙන් ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික ලියනහේවගේ ඉල්ලා සිටියි: ඇඟලුම් වලින් 30% ක් යුරෝපයට සහ 40% එක්සත් ජනපදයට යවන බව පවසයි: ආර්ථික අභියෝග හේතුවෙන් මෙම වෙලඳපොලවල්වල පහත වැටීමක් දක්නට ඇති බව ද පවසයි.
  10. යෝජිත රු. 10,000 වැටුප් වැඩිවීමෙන් රු. 5,000ක් 2024 ජනවාරි මාසයේ සිට ද, ඉතිරි මුදල 2024 අප්‍රේල් මාසයේ සිට ද ලබාදීමේ හැකියාව පිළිබඳව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ රාජ්‍ය ආදායම් ඒකකය පැවැත් වූ හමුවක දී සාකච්ඡාවට බඳුන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...