*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

මගේ ප්‍රකාශය බලන්න,ක්‍රීඩා ඇමති මාධ්‍යයෙන් ඉල්ලීමක් කරයි.

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අද (නොවැම්බර් 27) තමන් විසින් පාර්ලිමේන්තුවේදී කරන ප්‍රකාශය සජීවි පාර්ලිමේන්තු විකාශයන්ගෙන් නරඹන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය හරහා විශේෂ ඉල්ලීමක් සිඳු කරනවා.මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඔහු ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් මෙන්ම ඔහුට අයත් යුරෝ නිපොන් ව්‍යාපාරයේ රථ නැවතුමක තිබියදී අත් අඩංගුවට ගත් නීති විරෝධි වාහනයක් සම්බන්ධයෙන් යන ප්‍රචාරය ගැන ද ඔහු මෙහිදී අදහස් දක්වන්නට නියමිත බවත් වාර්තා වෙනවා.


එසේම අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් ද තීරණාත්මක තත්ත්වයක් මේ කතාවේදී හෙළිදරව් වීමට නියමිත බව ද වාර්තා වෙනවා.ක්‍රිඩා අමාත්‍යවරයා ගනු ලැබූ තීරණ හේතුවෙන් ජත්‍යෙන්තර වශයෙන් දේශපාලන බලපෑම් එල්ලවීම යන කාරණය පදනම් කරගෙන රගර්,පාපන්දු සහ ක්‍රිකට් යන ක්‍රීඩා තුනම තහනමට ලක් වූ බව අපේ නිරීක්ෂණය වන අතර මේ වන විට ඉවත් කරගෙන ඇති තහනම් දෙකම එසේ ඉවත් කර ගැනීම සඳහා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණ වෙනස් කර ගන්නට සිඳු වූ බව ද අපේ නිරීක්ෂණයන් ලෙස මීට පෙරද පැහැදිළි ලෙස දක්වා තිබෙනවා.


අමාත්‍යවරයා තමාගේ උපදේශක සභාවට ලංකාවේ ක්‍රීඩා නීතිය අනුව පවත්වන ක්‍රීඩා නිලවරණවලට ඉදිරිපත් වී බලය ලබා ගැනීමට නොහැකි වූ අය ද,ලබාගත් බලය භාවිතා කළ ආකාරය නිසා යළි බලයට ඒමට නොහැකි වන අන්දමට ප්‍රතික්ෂේප වූ අයද ඇතුළත් කර ගැනීමෙන් වැඩ වැරදිය හැකි බව අප එම පත්වීම් සිඳුවන පළමු මොහොතේම පෙන්වා දුන්නා.නමුත් අමාත්‍යවරයා ඔවුන් පත්කර ගැනීම මෙන්ම ඉනික්බිති ඔවුන්ගේ ඇරියස් ආවරණය වන පරිදි දෙනු ලබන උපදෙස් අනුව කටයුතු කිරීමේදී විශාල ලෙස ගැටළු ඇති කර ගනු ලැබුවා.


ක්‍රිඩාව කෙතරම් දුරට කර ඇද්ද යන්න නොසළකා,ක්‍රීඩාවේ පළල් න්‍යායාත්මක දැණුමක් සහ පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධයක් ඇති පිරිසක් එම කාර්යයට යොදා ගැනීමට තිබුණ අවස්ථාව වෙනුවට “දෙන්නම් බැටේ” න්‍යාය අනුගමනය කරමින් ක්‍රීඩා පණතේ ඇති බලය වැරදි ආකාරයට ඒත්තු ගන්වන ආකාරයේ පිරිසක් අමාත්‍යවරයා සමීප කර ගනු ලැබුවා.මේ මොහොතේ දී සෑම ක්‍රීඩාවක් වටාම පාහේ ගැටළුකාරී තත්ත්වයන් නිර්මාණය කිරීමට හේතු වූ මේ තත්ත්වය තේරුම් ගැනීම වෙනුවට අමාත්‍යවරයා ගන්නා ලද තීරණ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලින් පමණක් නොව,ශ්‍රී ලංකාවේ නීතිමය තත්ත්වයන් තුළ ද යම් ආකාරයකට ප්‍රතික්ෂේප වුණා.


ඊට හේතුව 1973 දී නිකුත් කරන ක්‍රඩා පණත ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් වන සියලු ආයතන නීතිමය රාමුවකින් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශයේ අධික්ෂණයට ලක් කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන සැපයූ පණතක් වුණා.එය විධිමත්ව සැකසීමෙන් ඉනික්බිති නීතිමය වශයෙන් එහි ඇති අමාත්‍යවරයාගේ බලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අඩු වී බෙදී යා යුතුව තිබුණත්,ලෝකයට සාපේක්ෂව මානව හිමිකම් නීති සංශෝධනය වෙමින් රටේ පොදු නීතිය ඉදිරියේ ක්‍රීඩා පණතේ ඇති පුද්ගල බලය අභියෝගයට ලක්වන තරමට පරණ වුව ද,දේශපාලනඥයන් එය තව දුරටත් තමාන්ගේ සන්තකයේ තබා ගැනීමට,තමන්ගේ අදහස් සහ අභිමතාර්ථ එය මත පැටවීමට හැකිවන සේ සංශෝධන ගෙන එන්නට උත්සුක වීමේ දරුණුම තත්ත්වය නිර්මාණය වන්නට ගත්තේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ සමයේදි බව කිව හැකියි.
අමාත්‍යවරයා අද දින කුමන ප්‍රකාශය කළ ද,කුමන තීරණයක් ගත්තද,එය ක්‍රිඩාවට අදාළ කරගත යුතු වන්නේ ඉහත තත්ත්වයන් තේරුම් ගැනීමෙන් ඉනික්බිතිව යන්න අපේ විශ්වාසය වන අතර පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ අයගේ වගකීම ක්‍රිකට්වලට සීමා නොවුණු ක්‍රීඩාවට වග කියන එකක් කිරීමට එයට යම් බලයක් හිමි විය යුතු බව අපි විශ්වාස කරන්නෙමු. පාර්ලමේන්තුව මේ ඇති වී තිබෙන තත්ත්වය තේරුම්ගෙන ක්‍රීඩාව වෙනුවෙන් එක්ව ලෝකයට වග කියන,ලංකාවේ නීතිමය තත්ත්වයන්ගේ වෙනස්විම් ඉදිරියේ නිශේධනය නොවන මට්ටමට ලංකාවේ ක්‍රීඩා නීිතිය සංශෝධනය කිරීමට ජාතික ඔලිමිපික් කමිටුව හරහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහය ද ලබා ගෙන ජාත්‍යන්තර ක්‍රීඩාවට බලපාන නිතිමය තත්ත්වයන් තේරුම් ගෙන ක්‍රියාත්මක විය යුතු බව ද අපි නැවත නැවතත් අවධාරණය කරන්නට කැමත්තෙමු.
එසේම අමාත්‍යවරයා අද දින කුමනාකාරයේ තීරණයක් ගත්ත ද,ඔහුට කුමනාකාරයේ අභියෝගයක් එල්ල වී තිබුණ ද,ඒ සියල්ලටම හේතුව ලෙස අප දකින්නේ අමාත්‍යවරාය පළමු මොහොතේදි ගත් තීරණයය. අමාත්‍යවරයාගේ පත්වීම සමඟ අප ප්‍රකාශ කළ පරිදි ක්‍රීඩාවේ පළල් න්‍යායාත්මක දැණුමක් සහ පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධයක් ඇති පිරිසක් අමාත්‍යවරයා ක්‍රීඩාව වෙනුවෙන් උපදෙස් ගැනීමට යොදා නොගැනීම මේ තත්ත්වයට හේතු වූ බව අපේ අදහසය.


අමාත්‍යවරයා මාධ්‍ය හරහා ඔහුගේ ප්‍රකාශය නරඹන ලෙස කරන ලද ඉල්ලීම මේ සමඟ ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan