ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අනුග්‍රහයෙන් රක්‍ෂණ තැරැව්කරුවන් අගය කිරීමේ රාත්‍රියක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) රටේ රක්‍ෂණ ක්‍ෂේත්‍රය සඳහා රක්‍ෂණ තැරැව්කරුවන්ගේ සැලකිය යුතු දායකත්වය අගය කිරීම සඳහා විශේෂ උත්සවයක් පවත්වන ලදී.

කොළඹ හිල්ටන් හිදී පැවති මෙම උත්සවයේදී රක්‍ෂණ ක්‍ෂේත්‍රය නඟා සිටුවීමට සහ ආර්ථිකයට දායක වීමට රක්ෂණ තැරැව්කරුවන් විසින් ඉටු කරනු ලබන අත්‍යවශ්‍ය කාර්යභාරය එහි දී ඇගයීමට ලක් කෙරිණි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) විසින් තැරැව්කරුවන්ගේ උත්සාහය අගයමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම උත්සවය මෙවර සුවිශේෂී විය. එනම් ඔවුන්ගේ විශිෂ්ට කැපවීම වෙනුවෙන් ප්‍රවීණ තැරැව්කරුවන් පස් දෙනෙකුට උපහාර පිරිනැමීම මෙවර සිදු කිරීමයි.

නිහාල් සේනාරත්න, හේමා විජේරත්න, වර්නන් එදිරිසිංහ, වික්ටර් කොලඹගේ, සහ රේ පොම්පියස් යන මහත්වරුන් වසර 50-70 දක්වා වූ විශිෂ්ට සේවා වාර්තාවලට හිමිකම් කියූ අය අතර වෙති.

මෙම අවස්ථාවට රක්ෂණ තැරැව්කාර සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන පුද්ගලයින් ද සහභාගී විය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...