සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සදහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ලබන 2024 වසරේ මාර්තු මස 31වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
2023.10.24 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සදහා නියමු වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාවට නංවන බව සඳහන් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??