චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිස සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට සංචාරයක නිරත වී සිටින චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන රජයේ දූත පිරිස සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෙරේදා (නොවැම්බර් 26) පැවැත්වී තිබේ.

මේ අවස්ථාවට චීන දූත පිරිස නියෝජනය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao මහතා, අධ්‍යක්ෂ Li Jinyan මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun මහත්මිය, නියෝජ්‍ය ඇමතිවරයාගේ ලේකම් Jin Yan මහත්මිය සහ භාෂා පරිවර්තක ලෙස කටයුතු කරන Zhang Guyu මහතා ද එක්ව සිටියහ.

චීනය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පුරා පවතින මිත්‍රත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ සජිත් ප්‍රේමදාස මහතා පවතින බංකොලොත්භාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය සහ මැදිහත්වීම ඉදිරියටත් ලබා දෙන ලෙස චීන දූත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජන කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, එස්. එම්. මරික්කාර් සහ ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රීවරුන් ද රත්නායක අබේරත්න සහ සහන් කිරින්දගේ මහතා ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...