මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මියන්මාරයේ හමුදා ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට ICCයෙන් වරෙන්තු ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාරයේ රෝහින්ග්‍යා සුළුතරයට එරෙහි කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මියන්මාර ජුන්ටාවේ නායක මින් අවුං හ්ලේං අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

පුළුල්, ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයකින් අනතුරුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා සඳහන් කර තිබුණේ, මියන්මාරයේ ජුන්ටා ප්‍රධානියා මියන්මාරයේ සහ රෝහින්ග්‍යාවරුන්ව පිටුවහල් කිරීමේ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සාපරාධී වගකීම දරන බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බවයි.

ICC විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් දැන් අභිචෝදකයාගේ ඉල්ලීම මත තීන්දු දිය යුතුය.

2017 වසරේදී 700,000 කට අධික රෝහින්ග්‍යා වැසියන්ට රඛයින් ප්‍රාන්තයේ සිය නිවෙස් අතහැර බංග්ලාදේශයට දේශ සීමාව හරහා යාමට සිදු වූයේ මියන්මාර හමුදාවේ මෙහෙයුමකින් පසුව වන අතර දේශසීමාවෙන් පලා ගිය රොහින්ග්‍යාවරු සමූහ දූෂණ, මිනීමැරුම් සහ ගිනි තැබූ නිවාස පිළිබඳ බිහිසුණු සාක්ෂි ලබා දී තිබිණි.

මෙම සිදුවීම් ලෝකය කම්පනයට පත් කළ අතර, මේ වන විටත් මිලියනයකට ආසන්න රොහින්ග්‍යා වැසියන් බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි අනාරක්ෂිතව ලොව විශාලතම සරණාගත කඳවුරේ ජිවත් වේ.

පසුගිය වසර පහ තුළ ICC අභිචෝදක කාර්යාලය 2016 සහ 2017 කාලය තුළ සිදු වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ විමර්ශනය කර තිබු අතර 2021 දී, හමුදා කුමන්ත්‍රණයකින් බලය ලබා ගැනීමත් සමඟ එවකට ප්‍රජාතන්ත්‍රවාදිව තේරීපත්ව සිටි අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට පත් වූ අතර එතැන් සිට රොහින්ග්‍යා ජන සංහාරය ඇතුළු අපයෝජනයන් ඉහළ නැංවීමට මියන්මාර හමුදාව කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...