ලොව පුරා රටවල් 20 ක් අතරට ලෝක බැංකුවේ ඒකාබද්ධ දකුණු ආසියාවේ කාර්යාලය සඳහා සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකාවත්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

ලොව පුරා රටවල් 20 ක් අතරට ලෝක බැංකුවේ ඒකාබද්ධ දකුණු ආසියාවේ කාර්යාලය සඳහා සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇතැයි ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා පවසයි.

ලෝකබැංකු සභාපතිවරයා සදහන් කළේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡාවක නිරතවූ අවස්ථාවේදීය,

ලෝක බැංකුවේ ඒකාබද්ධ දකුණු ආසියාවේ කාර්යාලය 2025 ජූලි 25 වැනිදා විවෘත කිරීමට නියමිත අතර, ලෝක බැංකු සමූහය යටතේ පවතින නැවත ගොඩනැගීම හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන සංගමය, ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ බහුපාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිතායතනය යන ආයතන අතර සම්බන්ධීකරණය එම කාර්යාලයෙන් සිදු වෙයි.

ජනාධිපතිවරයා සහ ලෝක බැංකු සභාපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවේදී නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය ගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහය පිළිබඳවද අවධානය යොමුවී තිබේ.

අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට  මූල්‍ය සහ තාක්‍ෂණික උපකාර සැපයීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ වනවිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිපත්ති, මූල්‍ය, තරගකාරීත්වය, ආයෝජන, ආයතනික සංවර්ධනය සහ දිළිඳුකම පිටුදැකීම ඇතුළු කාර්යයන් සඳහා සහය ලබා දෙන අතර, ඉදිරියේ දී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය, ජල කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් පරිවර්තනය දක්වා එම සහය ව්‍යාප්ත කිරීමට ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...

හඬ පටය ගැන පරීක්ෂණයක් ඉල්ලා ඇමතිගෙන් CID යට පැමිණිල්ලක්!

කොළඹ LNW:සමාජ මාධ්‍යය තුළ සංසරණය වන හඬ පටය සම්බන්ධයෙන්...

නුවර – නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් වසාදැමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල...

හැඩ ඔය ද්‍රෝණිය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිතවත් ගංවතුර අනතුරු හැඟවීම්

සටහන - රුවන් නෙළුගොල්ල හැඩ ඔය ද්‍රෝණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව...