කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින අතර ඉදිරි පැය 48 තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැළණිය, වත්තල හා කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.