”දිට්වා” සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න – රතු නිවේදනයක් නිකුත් වෙයි!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින දිට්වා සුළි කුණාටුවේ මේ වන විට තත්ත්වය ගැන නවතම වර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

තවදුරටත් අවධානම පහව ගොස් නැති අතර මඩකලපුව ආශ්‍රිතව පැවති මෙම දිට්වා සුළි කුණාටුව ත්‍රිකුණාමලය සිට 40km නිරිත දෙසින් ස්ථානගතවී ඇති බව දැක්වෙයි.

ඒ අනුව මෙය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මෙම තත්ත්වය මත දිවයිනට බලපෑ ඇති තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

උතුර, උතුරු මැද, වයඹ,සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මි. 200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.

ත්‍රිකුණාමලය, බදුල්ල,මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වෙත මි.මි.150 ට වැඩි ඉටා තද වැසි බලාපොරොත්තු විය හැකියි.

දිවයිනේ සෙසු ඇතැම් ප්‍රදේශවලට මි.මි.75 ට වැඩි තරමක තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං තත්ත්වය ගැන පැහැදිලි කරමින් දක්වා ඇත්තේ පැ.කි.මි.60/70 ක වේගයෙන් හමන සුළං පැ.කි.මි. 80/90 දක්වා ප්‍රහාරාත්මක විය හැකි බවයි.

ඒ අනුව තද වැසි සහ තද සුළං වලින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මුහුදේ තත්ත්වයද ඉතා රළු විය හැකි හෙයින් නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙස ද උපදෙස් දෙයි.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය එළඹෙන 30 වැනිදා දක්වා බලාපොරොත්තු විය හැකි හෙයින් මෙම තත්ත්වයන් ගැන විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...