අසත්‍ය ප්‍රචාර සිදුකිරීමෙන් වළකින්න.රන්දෙණිගල සහ රන්ටැබේ ජලාශ වේලිවලට හානියක් නැහැ – DMC

කොළඹ LNW: රන්දෙණිගල සහ රන්ටැබේ ජලාශ වේලි ඉරිතලා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන පුවත් අසත්‍යක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

එම ජලාශ වල වේලිවල තත්ත්වය සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමෙන් අනතුරුව මේ බව ජනතාවට දැනුම් දෙන අතර එම ජලාශ ප්‍රදේශවල ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

මහජනතාව පීඩාවට පත්ව සිටින මේ අවස්ථාවේ එවැනි සාවද්‍ය පුවත් ප්‍රචාරය කර ජනතාව කලබල කිරීමෙන් වළකින ලෙස සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයින්ගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...