අංශභාග අරගලේ..

Date:

ගෝල්ෆේස් අරගලය සඳහා නිශ්චිත සැලැස්මක් නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී අංශභාග තත්ත්වයක් ඇති වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසයි.

ඔහු පවසන්නේ නිවැරදි නායකත්වයක් මෙන්ම නිවැරදි උපක්‍රම හෝ සැලසුම් නොතිබීම තුළින් එම අරගලය පසුගාමී වු බවය.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩි ලාල් කාන්ත මහතා එම අදහස් පළ කළේය.

“ගෝල් ෆේස් අරගලය හැමතැනම තිබ්බා එතැන තමා සංකේතය. ඒ අරගලය ට නිවැරදි නායකත්වයක් මඟ පෙන්වීමක් නොතිබුණා වගේම නිවැරදි උපක්‍රම, උපායමාර්ග තිබුණෙත් නෑ. ගෝඨාභය ගියාට පස්සේ ඊළඟ වැඩේ තිබුණා අරගලය ඉදිරියට ගෙනියන්න. ඊළඟ වැඩේ තිබුණේ පාර්ලිමේන්තුව. ඒක ක්‍රියාත්මක වුණේ නෑ. අංශභාග අරගලේ. ජනාධිපතිගේ බලය ඉවර කළා. මේක රැක්කා. මේක රැක්කට පස්සේ, නැවත වරක් ජනාධිපතිවරයා ව හැදුවා. වැඩක් නෑ. අරගලය පස්සට ගියා. කොතැනත් අරගලය පස්සට යද්දි එනවා වැඩ දෙකක්. එකක් යම් යම් ප්‍රතිසංස්කරණ. ඒක හොඳට වෙන්නත් පුළුවන් නරකට වෙන්නත් පුළුවන්. අනික මර්දනය වෙන්නත් පුළුවන්. ජාතික ජන බලවේගයෙන් දෙන අභියෝගය තමා අපේ මේ ගේන්නේ. උඹලාගේ මර්දන කතා, හිට්ලර් කතා ඔක්කෝම එන්නේ කකුල් වෙව්ලනකොට.”

යැයි ඔහු පැවසීය.

රෂිකා හෙන්නායක
2022.11.28

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...