අංශභාග අරගලේ..

Date:

ගෝල්ෆේස් අරගලය සඳහා නිශ්චිත සැලැස්මක් නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී අංශභාග තත්ත්වයක් ඇති වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසයි.

ඔහු පවසන්නේ නිවැරදි නායකත්වයක් මෙන්ම නිවැරදි උපක්‍රම හෝ සැලසුම් නොතිබීම තුළින් එම අරගලය පසුගාමී වු බවය.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩි ලාල් කාන්ත මහතා එම අදහස් පළ කළේය.

“ගෝල් ෆේස් අරගලය හැමතැනම තිබ්බා එතැන තමා සංකේතය. ඒ අරගලය ට නිවැරදි නායකත්වයක් මඟ පෙන්වීමක් නොතිබුණා වගේම නිවැරදි උපක්‍රම, උපායමාර්ග තිබුණෙත් නෑ. ගෝඨාභය ගියාට පස්සේ ඊළඟ වැඩේ තිබුණා අරගලය ඉදිරියට ගෙනියන්න. ඊළඟ වැඩේ තිබුණේ පාර්ලිමේන්තුව. ඒක ක්‍රියාත්මක වුණේ නෑ. අංශභාග අරගලේ. ජනාධිපතිගේ බලය ඉවර කළා. මේක රැක්කා. මේක රැක්කට පස්සේ, නැවත වරක් ජනාධිපතිවරයා ව හැදුවා. වැඩක් නෑ. අරගලය පස්සට ගියා. කොතැනත් අරගලය පස්සට යද්දි එනවා වැඩ දෙකක්. එකක් යම් යම් ප්‍රතිසංස්කරණ. ඒක හොඳට වෙන්නත් පුළුවන් නරකට වෙන්නත් පුළුවන්. අනික මර්දනය වෙන්නත් පුළුවන්. ජාතික ජන බලවේගයෙන් දෙන අභියෝගය තමා අපේ මේ ගේන්නේ. උඹලාගේ මර්දන කතා, හිට්ලර් කතා ඔක්කෝම එන්නේ කකුල් වෙව්ලනකොට.”

යැයි ඔහු පැවසීය.

රෂිකා හෙන්නායක
2022.11.28

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...