දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/28

Date:

  1. ඉදිරි ජනාධිපතිවරණයේ දී, එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දෙනු ලබන සන්ධානයකින් වත්මන් ජනාධිපති සහ එකසත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වදින අතර, ජනාධිපතිවරණයට පෙර තම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ක්‍රියාකාරී සැලැස්මක් මත තම පක්ෂය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
  2. ලබන වසරේ සිට පාසල්වල ගැහැණු ළමුන්ට සනීපාරක්ෂක තුවා බෙදා දීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
  3. තම ජීවිතය අනතුරේ පවතින අතර, තමාට යම් කරදරයක් සිදුවූවහොත් ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඊට වගකිව යුතු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි: තමා මහ මඟ ඝාතනය වීමට ඉඩ ඇති අතර, මෙය කුමන අවස්ථාවේ සිදුවනු ඇති ද යන්න තමාට අවිනිශ්චිත බව ද පවසයි: තමා සටන් කළේ දූෂණයට එරෙහිව මුත් දැන් තමාට සටන් කිරීමට සිදුව තිබෙන්නේ තම ජීවිතය වෙනුවෙන් බව ද පවසයි: තම බිරිඳ සහ දරුවන් වෙනුවෙන් තමාට ජීවත් වීමට ඇති අයිතිය ලබා දෙන මෙන් ඉල්ලා සිටියි.
  4. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ රජයේ සියලු තනතුරු වලින් ඉවත් කරයි: නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු සහ නව වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි දිව්රුම් දෙති.
  5. කොළඹ කොටස් වෙළඳපොල දිගින් දිගටම පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ මාස හතරහමාරක අඩුම අගයට වැටෙයි: සියලු කොටස් මිල දර්ශකය (ASPI) අඛණ්ඩව 3 වන වෙළඳපල දිනයටත් ලකුණු 10,480 දක්වා පහතට: පිරිවැටුම රු. මිලියන 579ක් දක්වා පහතට: ගනුදෙනු වූ කොටස් සංඛ්‍යාව මිලියන 19.82 දක්වා දැවැන්ත ලෙස පහතට.
  6. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් විදේශ අමාත්‍ය අලි සබ්‍රි, පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු 80 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ඉදිරි සතියේ ඩුබායි හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට (COP28) සහභාගී වීමට නියමිතය: ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන සහ පාර්ශවකරුවන්ගේ නියෝජිතයන් කිහිප දෙනෙකු ද, මෙතෙක් පැවති විශාලතම ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් වීමට නියමිත බව සඳහන්.
  7. ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දුර්වල කිරීම සඳහා මාධ්‍යයට එරෙහිව රජය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව විපක්ෂයේ පා.ම. මහාචාර්ය ජී.එල්. පීරිස් අනතුරු අඟවයි: විද්‍යුත් මාධ්‍ය සඳහා “විකාශන නියාමන කොමිෂන් සභාවක්”, මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතක් සහ විශ්‍රාමලත් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රියසාත් ඩෙප් ගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කොමිසමක් පිහිටුවීම මාධ්‍ය නිදහසට තර්ජනයක් බව අවධාරණය කරයි.
  8. වෙනත් රටවල අධිකරණ මඟින් ලබා දෙන තීන්දු ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර බලාත්මක කිරීමට හැකිවන පරිදි නව ලියාපදිංචි කිරීමේ සහ විදේශීය නඩු බලාත්මක කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි: නව නීතිය මඟින් දැනට පවතින “විදේශීය විනිශ්චයන් බලාත්මක කිරීමේ ආඥාපනත (Enforcement of Foreign Judgments Ordinance) සහ විනිශ්චයන් අන්‍යෝන්‍ය වශයෙන් බලාත්මක කිරීමේ ආඥාපනත (Reciprocal Enforcement of Judgments Ordinance)” අවලංගු කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
  9. රටේ දේශපාලනය පිරිසිදු කිරීමට සහ නව නායකත්වයක් බිහිකිරීමට හැකිවන පරිදි පීඩක නායකයන් ප්‍රතික්ෂේප කරන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිති හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටිති: ඒකාධිපති පාලනයක් කරා යන ගමන පරාජය කිරීම සියලුම දේශප්‍රේමී සහ ස්වාධීන මාධ්‍යවල යුතුකම බව පවසති: සෙවිලි තහඩු, කෑම බීම හෝ මත්පැන් සඳහා තම ඡන්දය හුවමාරු නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිති.
  10. ශ්‍රී ලංකා චෙස් ඔලිම්පියාඩ් හි ප්‍රථම වරට රන් පදක්කම් ලැබූ සුනීතා විජේසූරිය ජාත්‍යන්තර චෙස් සම්මේලනයෙන් “FIDE Trainer” යන නාමය ලබා ගනියි: ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයකු විසින් මෙම නාමය ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...