සූපවේදයෙන් ලොව දිනූ ගැරී මිහිගන් දිවයිනට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා දිවයිනට පැමිණ ඇත. ගැරී මිහිගන් යනු ලෝක ප්‍රකට සූපවේදියකු වේ.

ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සදහා වූ තරගාවලියක් වන ” මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා ” ( Master Chef Australia ) තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති මිහිගන් මහතා ලොව පුරා රටවල් රාශියක සංචාරය කරමින් සූපවේදය පිළිබඳ පර්යේෂණ වල නියැලෙමින් අත්දැකීම් ලත් , සූපවේදය පිළිබඳ ග්‍රන්ථ රාශියක් ලියා පළ කර ඇති කර්තෘ වරයෙකි .

ගැරී මිහිගන් මහතා එළඹෙන නොවැම්බර් 30 සහ දෙසැම්බර් 02 දින ශ්‍රී ලාංකික සූපවේදීන් රාශියක් සමග කොළඹ සිනමන් හෝටලයේ දී ජාත්‍යන්තර රාත්‍රී ආහාර වේල් දෙකක් මෙරට ජනතාවට දැක බලා ගැනීම සදහා පිළියෙල කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දින‍යන්හිදී සිනමන් හෝටලයේ දී ශ්‍රී ලාංකික ජනතාව මුණ ගැසී සූපවේදය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරෙන අදහස් හුවමාරු කෙරෙන වැඩසටහනක ද නිරත වීමට නියමිත බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...