ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16න් පහළ ළමුන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් කරමින් පනතක් සම්මත කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් කරමින් නව නීතියක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.

බ්‍රහස්පතින්දා සෙනෙට් සභාව විසින් සම්මත කරන ලද නීතියට අනුව, වයස අවුරුදු 16 ට අඩු අයට Instagram, Facebook සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා තහනම් වන අතර එසේ නොවන්නේ නම් AUS$ මිලියන 50 (US$32.5m) දක්වා දඩ මුදලකට යටත්වනු ඇත.

මේ පනත වෙනුවෙන් පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නන් , ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් කොමිසම සහ සමහර ළමා අයිතිවාසිකම් කණ්ඩායම් විරුද්ධ වූ අතර ජන්ද විමසීම් වලින් මහජනතාවගෙන් සියයට 77ක් සහාය පළ කර තිබිණි.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් නීති සම්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර පනත සම්මත වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ සිය කතාවේදී සඳහන් කර තිබුණේ, සමාජ මාධ්‍ය සම වයසේ මිතුරන්ගේ පීඩනය සඳහා වේදිකාවක්, වංචාකරුවන් සඳහා මෙවලමක් වන බවත්, තරුණ ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ දුරකතන වලින් ඉවත්ව ක්‍රිකට් පිටියට, ටෙනිස් සහ නෙට්බෝල් පිටියට, පිහිනුම් තටාකයට යාමට අවශ්‍ය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...