ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16න් පහළ ළමුන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් කරමින් පනතක් සම්මත කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් කරමින් නව නීතියක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.

බ්‍රහස්පතින්දා සෙනෙට් සභාව විසින් සම්මත කරන ලද නීතියට අනුව, වයස අවුරුදු 16 ට අඩු අයට Instagram, Facebook සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා තහනම් වන අතර එසේ නොවන්නේ නම් AUS$ මිලියන 50 (US$32.5m) දක්වා දඩ මුදලකට යටත්වනු ඇත.

මේ පනත වෙනුවෙන් පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නන් , ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් කොමිසම සහ සමහර ළමා අයිතිවාසිකම් කණ්ඩායම් විරුද්ධ වූ අතර ජන්ද විමසීම් වලින් මහජනතාවගෙන් සියයට 77ක් සහාය පළ කර තිබිණි.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් නීති සම්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර පනත සම්මත වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ සිය කතාවේදී සඳහන් කර තිබුණේ, සමාජ මාධ්‍ය සම වයසේ මිතුරන්ගේ පීඩනය සඳහා වේදිකාවක්, වංචාකරුවන් සඳහා මෙවලමක් වන බවත්, තරුණ ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ දුරකතන වලින් ඉවත්ව ක්‍රිකට් පිටියට, ටෙනිස් සහ නෙට්බෝල් පිටියට, පිහිනුම් තටාකයට යාමට අවශ්‍ය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...