ගංවතුර අවධානම තවමත් පහව ගොස් නෑ!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

තවමත් පහව ගොස් නැති, පවතින අයහපත් කාලගුණ තත්ත්නය හමුවේ මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, සහ මැණික් ගඟ යන ගංඟා ගංවතුර අවදානමක පවතින බැවින් එම ගංඟා දෙපස පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවද , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ, කැළණි ගඟ දෙපස පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ටද ඇති විය හැකි ගංවතුර තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසයි.

මේ අතර, මල්වතු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයද ඉදිරි පැය 48 දක්වා එලෙසම බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ආරක්‍ෂාකාරීවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...