ඟංවතුරින් අවතැන්ව දකින ක්‍රිකට් සිහිනය

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 29, කොළඹ LNW:

මේ මොහොතේ රටම සිටින්නේ විපතකය.මේ සටහන තැබෙන මොහොතේ මා පවා සිටින්නේ ගංවතුරට අසු වී නිවසින් බැහැරව ඥාති නිවසකය.මා පමණක් නොව අප පවුලමය.අත්‍යවශ්‍යය ලියකියවිලි හැර කිසිවක් රැඟෙන නො‘ආවේය.සමහර විට ඒ රැඟෙන ආ දේ පමණක්ම අපට ඉතුරු වෙන වටිනාකම වන්නට ද ඉඩ ඇත.


එහෙත් මේ වැසි මැද,මහා ගංවතුර මැද අද මැච එක නේද?ෂිහ් කොහොමද බලන්නෙ කියා අසන පිරිස් හිඟ නැත.ක්‍රිකට්වලට කොන්ත්‍රාත්මය අරමුණෙන් බනින අයට වඩා ඇත්තේ එයින් ඇවිස්සෙන ආදරය නිසා තරහා උපද්දා ගන්නා අයය.ඒ සමහරක් දෙනා ලැබෙන තොරතුරු මත බනින්නේය.මේ බැනීමේ ආදරය කියවා ගැනීමට සනත් ජයසූරියට ඇති හැකියාව අත්දැකීමෙන් උපයා ගත් එකකි.ඒ නිසාම ඔහු සහ කණ්ඩායම මෙන්ම සම්බන්ධ සියළු කාර්යම මණ්ඩලය ද එක්ව පකිස්තානු සංචාරයේ උපයා ගත් සෑම ශතයක්ම මේ ව්‍යසකාරී මොහොතේ ආපදාවට ලක්ව සිටින පිරිසගේ ආපදාව වෙනුවෙන් යොදවන්න තීරණය කර ඇත.


එහෙත් වඩා වැදගත් අද තරගයය.මඩ වතුර හිස උඩින් යද්දි කෙතරම් පිපාසාව තිබුණත් මිනිස්සු කට අරින්න උත්සාහ නොකරයි.එහි ඇති විෂබීජ ශරීරයට යාම වළක්වා ගැනීම එහි අරමුණය.ඒ හැඟීම ඔබේ කර ගන්න යැයි අපි කණ්ඩායමෙන් ඉල්ලමු.


දුෂ්කර තත්ත්වය ජය ගන්න පීඩනයට ඔරොත්තු දීම සහ දරා ගැනීම වැදගත්ය.මේ අමාරුවෙන් හුස්ම ගන්න,මරණය පෙනී පෙනී ඉන් අත් මිදෙන්නට වෙර දරන මිනිසුන් බොහෝ දෙනෙකුට ලස්සන ක්‍රිකට් හැඟීමක් ද ඇත.එසේම පස් කඳු යට අවසාන නින්දට පිවිස,සැඩ රළවලින් හුස්ම ටික රැඟෙන ගිය මිනිස්සු මෙන්ම අද ඔවුන් වෙනුවෙන් වැළපෙන රටේ මළගම වෙනුවෙන් තෙත්ව තිබෙන දෑස්වලද දකින්න ආසා කරන ක්‍රිකට් ජයග්‍රහණ පිළිබඳ සිහින ඇත.


අද ශ්‍රී ලංකාව ඒ සිහින වෙනුවෙන් සටන් වැදිය යුතුය.රටකම ඇස් තෙත්ව තිබෙන මොහොතක වියැලී ගිය ඒ දෑස් පහළින් තිබෙන දෙතොල්මත සිනහවේ සිත්තම් මවන්නට ක්‍රිකට් පුත්නු වෙර වීරිය ගත යුතුය.සමහර විට හදවතින් සුබ ප්‍රාර්ථාන රැඟෙන විත් හතරේ සීමාවෙන් මෙපිටින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ජය ඝෝෂා නැඟූ මුව,යළිත් විවර නොවන්නට වැසී තිබෙනවා විය යුතුය.එසැවූ ධජ අත්පොළසමක් වෙනුවෙන් එකතු වූ අත් යළිත් නොසෙල්වන මට්ටමට සීතලව මිහිදන්ව තිබිය හැකිය.ඒ සියල්ල වෙනුවෙන් යුතුකම් සහ කෘතවේදීත්වය පළ කරන්නට අද තරගය දිනිය යුතුය.කුසලානය රැඟෙන ආ යුතුය.


රටම හඬන මොහොතක ක්‍රිකට් උන්මාදයේ කරවටක් ගිලී සිටින පුරවැසියන් සිටින රටක,හිරව තිබෙන සැඩ වතුරට,නාය යන කඳුවලට මකා දැමීමට හැකිව තිබෙන මන්දහාසය යළි උපද්දන්නට අද දිනිය යුතුමය.ඇත්තටම අද මේ දක්වා රට වෙනුවෙන් නොකළ තරමේ මෙහෙයක් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට පැවරී ඇත.එය ඉටු කර සිනහව සොයන මිනිසුන් සිටන රටකට ඒ වෙනුවෙන් සොයන ජයග්‍රහණය රැඟෙන එන්න හැකි වේවා යැයි අපි පතමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...