අවශ්‍ය හදිසි සහන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩො. මි. 2ක ආධාරයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

මේ වනවිට රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන්, අවශ්‍ය හදිසි සහන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබාදීමට පොරොන්දුව ඇති බව, සිය X ගිණුමෙහි සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පැවසුවාය.

"දිට්වා සුළි කුණාටුවෙන් ප්‍රජාවන් තවමත් පීඩාවට පත්ව සිටින බැවින්, බොහෝ ප්‍රදේශවල අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව දුෂ්කර දිනවලට මුහුණ දී සිටී. එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් සිටී. අද අපි හදිසි සහන කටයුතු සඳහා සහාය වීමට ඩොලර් මිලියන 2ක් ලබාදෙන්නෙමු." ලෙස ඇය සඳහන් කර ඇත.

තානාපතිනි ජූලි චන්ග් තවදුරටත් පැවසුවේ, දිගින් දිගටම එක්සත් ජනපදයේ සහයෝගය පිළිඹිබු කරමින්, ශ්‍රී ලංකාව සමඟ ඇති කල් පවත්නා හවුල්කාරිත්වය සහ වර්තමානයේ සහ අනාගතයේදී පවුල් නැවත ගොඩනැගීමේදී ඔවුන්ට සහාය වීමට ඇති කැපවීම මත මෙය සිදු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...