තැලසීමියා රෝගීන්ට පාකිස්තානයෙන් සහනයක් ..

Date:

ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ට ජීවිත තැලසීමියා රෝගීන්ටකාලයටම අවශ්‍යවන තැලසීමියා ඖෂධ (Feripro Capsuales) පරිත්‍යාග කිරීමට පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් ඉදිරිපත්ව සිටී.

මෙහි පළමු අදියර යටතේ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත මෙම ඖෂධ නිල වශයෙන් භාරදීම සිදු විය.

පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් ටමම පරිත්‍යාගය සිදු කරයි.

ශ්‍රී ලංකාවේ පාකිසකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙය සිදු කෙරුණු අතර මෙලෙස මාස හයකට වරක් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය අනුව නොමිලේ මෙම ඖෂධ මෙරට තැලසීමියා රෝගීන් සඳහා එම සමාගම විසින් ඉදිරියටත් ලබා දීමට සැළසුම් කර තිබේ.

Highnoon Laboratories සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය අදීල් අබ්බාස් (Dr. Adeel Abbas ) මෙහිදී ප්‍රකාශ කළේ පකිථානය හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා මෙවැනි වැඩපිළිවෙල උපකාරී වන බවත්, අසල්වැසි රටක් වන ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී මුහුණ දී ඇති අර්බුදයෙන් මිදීමට යම් පිටිවහලක් වීමට ලැබීම ඉතාම සතුටට කරුණක් බවයි.

රෂිකා හෙන්නායක
2022.11.29

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...