ඉතිහාසය දෘෂ්ටිවාදී මිත්‍යාවන්ගෙන් වසා දැමීම ….

Date:

ඉතිහාසය යනු යතාර්ථයකි.. ඉතිහාසය මිත් එකක් බවට පත්වන්නේ නූතන බලදේශපාලන දෘෂ්ටිවාදයන් විසින් එය විකෘති කර දැමූ පසුය..

මෙහිදී සිදුවන්නේ ඉතිහාසය නූතන බලදේශපාලන ඇදහිලිවල මෙවලමක් බවට පත්වීමයි…

ලාංකීය අනුරාධපුර, පොලොන්නරු නටඹුන් යනු කලාන්තරයක් තිස්සෙ වගේවගක් නැතිව මහ කැලයෙන් වැසී පැවති සහ ඒ මත ගස් පැලවුණු ඉපැරැණි නටඹුන් විශේෂයකි.. අනගාරික ධර්මපාලලාගේ ඊනියා පුනරුද යුගය එලඹෙන තෙක්ම කිසිවෙකුටවත් ඒවා එළිපෙහෙළි කිරීමේවත් උවමනාවක් නොතිබුනේ ඇයි? හේතුව ඒවා රීබිල්ඩ් කොට ජාතියේ අභිමානය පෙන්වන ස්මාරක විශේෂයක් බවට පත් වන්නේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ ආගමනයත් සමගය.. අපේ ඉතිහාසය බටහිරයන්ගේ ඉතිහාසයට සහ දමිළයන්ගේ ඉතිහාසයට එරෙහිව ගෙනහැර පෑමට ඇවැසිවූ මොහොතේ සිටය..

ම්සරයේ පිරමීඩ වසර දහස්ගානකට පසුවත් තාමත් ප්‍රකෘති පිරමීඩ ලෙසම පවතී…

හේතුව ඒවාට උරුමකම් පාන බලදේශපාලන දෘෂ්ටිවාදයක් එහි නොපැවතීමයි..

බැරිවෙලාවත් එහිද පිරමීඩවලින් හෙළුව වසාගන්නා දේශපාලන දෘෂ්ටිවාදයක් එහි පවතී නම් පිරමීඩ කපරාරු කරනු ඇත. ඒමත සුදු ආලේප කරනු ඇත, රෙදි පෙරෙදි පොරවනු ඇත..

එවිට පාරාවෝගේ ප්‍රකෘති පිරමීඩ තවදුරටත් එහි නොපවතිනු ඇත..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...