අපි මේක ලස්සනට කරගෙන යනවා. මිනිස්සුන්ට ඔළුවට බරක් නෑ, බොහොම සන්තෝසෙන් බලාන ඉන්නවා – ඇමති විද්‍යාරත්න

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ වනවිට ඉතාම සාර්ථකව රට පාලනය කරමින් සිටින බවත් ජනතාව ඉතාම සැහැල්ලුවෙන් සහ සන්තෝෂයෙන් තම ආණ්ඩුව යන ගමන දෙස බලා සිටින බවත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“විපක්ෂය පහුගිය මැතිවරණ දවස්වල කියපු කතාව නෙවෙයි දැන් කියන්නෙ. ඒ කාලෙ කිව්වෙ අත්දැකීම් නෑ, මේක ගෙනියන්න බෑ, මේක වැටෙයි කියලා. දැන් ඒ කතාව නෑනෙ, මොකද දැන් අපි මේක ලස්සනට කරගෙන යනකොට අරක වලංගු වෙන්නෙ නෑ. දැන් ජනාධිපතිවරණයෙදි කොහොමද කිව්වෙ ? ආවොත් අස්වැසුම කපයි කිව්වා. ඔන්න දැන් අපි අස්වැසුම නොලැබුණු, ලැබෙන්න සුදුසුකම් තියෙන අයට ඊළඟ වටයේ ඒක ලබාදෙන්න දොර කවුළු විවෘත කළා. අසාධාරණයට ලක්වෙච්ච ජනතාව දැන් ඉල්ලුම් පත්‍ර භාරදෙමින් තියෙනවා. අස්වැසුම කැපෙනවා නෙවෙයිනෙ දැන් තියෙන්නෙ, ඒක තවත් අයට දෙන්න සූදානම් වෙනවා. ඒ කට්ටිය කිව්වා ආගම දහම නැතිවෙයි කියලා. නෑනෙ දැන් ඉතින් ආගම දහම හොඳට පවතිනවා, ගැටුම් මොකුත් නෑ, හැමෝම තම තමන්ගෙ ආගම් හොඳින් අදහනවා. බොහෝම සාමකාමී වාතාවරණයක් රටේ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් තියෙනවා. මිනිස්සුන්ට ඔළුවට බරක් නෑ, බොහොම සැහැල්ලුවෙන් සන්තෝසයෙන් රට යන දිහාව බලාගෙන ඉන්නවා. දේශපාලනයේ අනවශ්‍ය ඇඟිලි ගැහීම්, බාධා කිරීම් නෑනෙ. ඉතින් රට ලස්සනට කෙරීගෙන යනවා. ඒ කට්ටිය කියපු ඒවා බොරුවෙලා”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 29) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...