එකක් බහී, දෙකක් නගී. නව ඉන්ධන මිල ගණන් මෙන්න !

0
455

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව, රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309 ක් වේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල රුපියල් 371 කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286 කි.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල රුපියල් 313කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 188 ක් වේ.