ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

අද (30) පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. වින්ග් කමාන්ඩර්වරයෙකු වූ ඔහු මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවූ ගුවන් නියමුවෙක් වන අතර, ආපදා හේතුවෙන් විපතටපත්ව සිටින ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන සේවා ලබාදීමට අද (30) පෙරවරුවේ සිටම විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටි නියමුවෙකි.

ආරක්ෂිත ගොඩබැස්වීමක් සිදුකිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති අතර, මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් තවත් 4ක් මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...