හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (30) කැඳවා ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීම පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලිපියක් යොමුකර තිබේ.
එම ලිපියෙන් අමරවීර මහතා පෙන්වා දී ඇත්තේ තවමත් එජනිස මහලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ තමන් බවත් ඒ අනුව එම විධායක සභා රැස්වීම කැඳවීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු බලයක් නොමැති බවත් ය.
ඒ අනුව වහාම එම විධායක සභා රැස්වීමට අවලංගු කරන ලෙසත් එසේ නොකළහොත් නීතිමය පියවර ගන්නා බවත් අමරවීර මහතා සිය ලිපියෙන් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
RN