සත්තුන්ට ඇස් දෙන්න – පොඩිවුන්ට අත දෙන්න

Date:

ශෝට් ඇන්ඩ් ස්වීට් ඩිසර්ට් එකක් වගේ ඇනිමේශන් එකක් ඇහේ වැදුනෙ ගූගල් එකේ කරක් ගහද්දියි. ඒක නිකං ඇහැට පවන් සලනවා වගේ ෆීල් එකක් ගෙනාව හින්දා ඔලුව දාලා බැලුවා. වැඩි වැඩ නෑ වගේ පේන සිම්පල් වැඩක් වගේ උනාට , ටිකක් කියවගෙන යද්දි තමා මීටර් උනේ සිම්පල් විදියට එළියට පේන නිර්මාණයක් කරන්ඩ නං කොච්චර කැපිටල් හෝම්වර්ක්ස් කරන්න ඕනෙද කියලා.

මේක ඇනිමේශන් වැඩක්. ඉතාලියේ ඉපදුන ලූකස්  සැනොටො කියලා ඇනිමේටර් කෙනෙක් තමා බැහැලම මේ වැඩේ කරන්නෙ. ත්‍රීඩී ඇනිමේෂන් වැඩක්. ටිකක් අමුතු පහේ එකක්. කිඩ්ස් ස්පෙශල් කියල තමා කියන්නෙ. පොඩි උන්ගෙ මුල් ළමා විය සංවර්ධන අවධිය කියල කොටසක් තියෙනවනෙ. ඒ කාලෙට එක එක හැඩ අදුරගැනීම් , මූණුවල ෆීලින්ග්ස් රෙකග්නයිස් කරගැනීම්  කියන  ඇක්ටිවිටීස්වලට පහසු වෙන විදියක් කරපු ජෝයිෆුල් වැඩක් මේක. නිකම්ම නිකං චිත්‍රයක් පෙන්නලා ‘දිස් ඉස් අ ස්මයිල්’ කියනවට වඩා එහාට ගිහිල්ලා පොඩි එකෙක්ව මාවල් කරන්ඩ පුළුවන් ක්‍රියේෂන් එකක්. 

සිරාවටම ඉන්ටරෙස්ටින්! එක එක හැඩ වගයක් තියෙනවා. ඒවා ත්‍රීඩී හැඩ. මේ හැඩ එහෙට මෙහෙට මූව් වෙනවා. මේව හදල තියෙන්නෙ ප්ලාස්ටික්වලින්. ඒ හැඩ උඩ බෝල ඇස්දෙකක් තියෙනවා. හැඩ ටික මූව් වෙනවත් එක්කම ඇස් දෙකත් හැඩෙත් එක්කම යනවා. අපි මෙහෙම කියමු. ඔන්න තියෙනවා අඩ කවයක්. ඒක ත්‍රීඩී. ඒක එක තැනකින් තව තැනකට පෙරළිලා යනවා. ඒ යන්නෙ අනිත් අඩ කවය හොයාගෙන. ඔන්න කව දෙකම එකතු වුනාම තනි රවුමක් හැදෙනවා. ඒ රවුම් උඩින් අර බෝල ඇස් දෙක සෙට් වෙනවා. ඔන්න එතකොට මූණක් හැදෙනවා. මේක කිව්වට බෑ බලන්නම ඕනෙ. ඒ නිසා තමා baltimora පොඩි වීඩියෝ කෑල්ලක් මෙතනත් එල්ලන්නෙ. 

මේක කිඩ්ස් රිලේටඩ් වැඩක්. මේක කරන්නෙ ලූකස්. ඉතිං ලූකස් හදනවා පොඩි උන්ටම කියලා වෙබ් සයිට් එකක්. https://www.yatatoy.com කියන්නෙ ඒ සයිට් එක. මේ සයිට් එක පටන් ගන්න ලූකස් පොඩි ඉන්විටේශන් එකක් දෙනවා මෙන්න මෙහෙම. ” පොඩ්ඩනෙ, හිනායන විදියට සත්තුන්ව අඳින්න එන්න. අම්මෙ තාත්තෙ, ඔයාගෙ ළමයට අඳින්න ඉගෙන ගන්න උදව් කරන්න. එන්න මේ පැත්තට”. ලූකස් එහෙම කියනවා. ‘ Drawnimal’ කියලා ඇප් එකක් පවා ලූකස් ක්‍රියේට් කරනවා. පොඩි උන්ට අවුට් ඔෆ් ද බොක්ස් හිතන්න ගයිඩ් කරන ඇක්ටිවිටීස් ඒකෙ තියෙනවා. 

මේ වීඩියෝස් බලන එක මයින්ඩ් රිලැක්සේශන්වලට හොඳ බෙහෙතක් විදියටත් දැනෙනවා. ඒකට හේතුව තමා මේ වැඩේ කරන්න ලූකස් යූස් කරන්නෙ හරි ස්මූත් සර්ෆේස් එකක් වීම. බලලම තමා මේක එක්ස්පීරියන්ස් කරන්න වෙන්නෙ. ඒ නිසා මේ ඇටෑච්මට් ටික එක්ක මේ කොලම් එක කියෙව්වොත් වැඩේ හරියටම හරි බ්‍රෝ! 
කිඩ්ස්ලා මොන රටක හිටියත් කිඩ්ස්ලම තමා. ඒ නිසා අපේ ළමයිනුත් මේව බැලුවට පාඩු නෑ!

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...