COP 28 සමුළුවට සහභාගී වීම සඳහා ජනපති රනිල් දිවයිනෙන් පිටව යයි

Date:

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (30) ඩුබායි රාජ්‍යය බලා පිටව ගොස් තිබේ.

මෙම සමුළුව රාජ්‍ය නායකයන්, රාජ්‍ය – පෞද්ගලික අංශ නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද (30) සිට දෙසැම්බර් 12 වනදා දක්වා ඩුබායි හිදී පැවැත්වේ.

මෙවර COP 28 සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව, දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (Climate Change university) ශ්‍රී ලංකාවේ ඇති කිරීම, දියුණු රටවල ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට පත්වන තුන්වන ලෝකයේ රටවල් වෙනුවෙන් දේශගුණික යුක්ති සංසදයක් (Climate Justice Forum) පිහිටුවීම හා නිවර්තන වැසි වනාන්තර වෙනුවෙන් සංසදයක් (Tropical Belt Forum) පිහිටුවීම යන යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් COP 28 සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ ඇමති අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක,අජිත් මාන්නප්පෙරුම, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු 15 ක පමණ දූත පිරිසක් ජනාධිපතිවරයා සමග මෙම සමුළුවට සහභාගී වෙති.

එසේම පෞද්ගලික අංශය නියෝජනය කරමින් තවත් පිරිසක් ඔවුන්ගේ වියදමින් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

එමෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල අනුග්‍රහය යටතේ තරුණ තරුණියන් 20 දෙනෙකු ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගී වනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : 2012 වසරේ ග්‍රීක රජය...

වෙලේ සුදාගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

කෙහෙළියගේ නරක දසාව – පවුලටම අධි චෝදනා!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය...