කෝලිගෙන් තාවකාලික සමුගැනීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුළු කාලයකට ඈත් වීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත අවසර ඉල්ලා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මාසයකට ආසන්න කාලයක් සඳහා ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම කාලයේදී සඳහා මෙලෙස විරාත් කෝලිට බොහෝදුරට විවේකයක් ලැබෙනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ජ්‍යේෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයින් රැසක් මේ වනවිට ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී විවේක ගන්වා ඇති අතර, විරාත් කෝලිද මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ එවන් පසුබිමකය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා සංචාරයට කෝලි තමන්ව විවේක ලබාදෙන ලෙස ඉල්ලීම සිදුකර ඇති අතර, ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් දෙසැම්බර් මස 26 සිට නැවත සිය කණ්ඩායම සමග එක්වන බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : තම කීර්ති...

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...