අද නිදහස සමරන Barbados

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සෑම වසරකම නොවැම්බර් 30 දින Barbados හි නිදහස් දිනය සමරන අතර, දූපත් රාජ්‍යයක් ලෙස හඳුන්වන Barbados දිවයින බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස වසර 360 කට වැඩි කාලයකට පසු බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම සැමරීම වෙනුවෙන් මෙම දිනය වෙන් කර ඇති බව සඳහන්වේ.

Barbados දිවයින එක්සත් රාජධානියෙන් නිදහස ලබා ගත්තේ 1966 දීයි.

Barbados නිදහස් දිනය Bridgetown පුරා පාර්ලිමේන්තු ගොඩනැගිලි සහ කාර්යාල ගොඩනැගිලි ආලෝකමත් කරමින් උත්සවශ්‍රීයෙන් සමරන බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයන් Holetown වරාය වෙත ගොඩබැසීමෙන් අනතුරුව 1627 සිට Barbados බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය.

යටත් විජිත නායකයන් විසින් Barbados සීනි වගාවන් ඇති කළ අතර ගොවිපලවල වැඩ කිරීමට අප්‍රිකාවෙන් වහලුන් ගෙන ආ බවයි සඳහන් වන අතර, 1834 වහල්භාවය අහෝසි කරන තෙක් මෙය දිගටම පැවතුණු බවයි වාර්තා වන්නේ.

1937 දී, දිවයිනේ දුර්වල ආර්ථික තත්ත්වයන් නිසා ඇති වූ විරෝධතා වලින් පසුව, දේශපාලනඥයෙකු හා නීතිඥවරයෙකු වූ Grantley Adams සමාජ වෙනසක් ඇති කිරීමට Barbados කම්කරු පක්ෂය (B.L.P.) නිර්මාණය කර තිබෙන අතර, 1958 සිට 1962 දක්වා සාමාජිකයින් 10 දෙනෙකු මගින් බටහිර ඉන්දීය සමූහාණ්ඩුව සමග යටත් විජිතය මෙහෙයවූ Adams මහතා Barbados හි පළමු අගමැති බවට පත්විය.

පසුව 1962 දී බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනය අවසන් වීමෙන් පසුව Barbados රජය ස්වයං පාලනයක් බවට පත්වී ඇති අතර, වර්ෂ 1966දී Barbados දුපත් රාජ්‍යයට බ්‍රිතාන්‍යයෙන් නිල වශයෙන් නිදහස හිමිවූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුදු මාර්ගයෙන් ගෙන ආ මත් කරල් තොගයක් කල්පිටියෙන් සොයා ගනී!

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW : කන්දකුලිය, තුඩාව වෙරළට...

නාමල්ගේ නඩුවකට දිනයක්!

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

සෝවියට් යුගයේ භූගත බංකර විස්තර හෙළි කිරීමෙන් රුසියානු ඡායාරූප ශිල්පියාට වසර 16 ක සිර දඬුවමක්…

රෂිකා හෙන්නායක ජූනි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෝවියට් යුගයේ...