ෆේස්බුක් ඔස්සේ මහවිරු සමරු ප්‍රචාර කළැයි තිදෙනෙකු ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ මහවිරු සැමරුම් ප්‍රචාර සිදුකරමින් මහජනයා ඇවිස්සීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

LTTE සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ සංසරණය කිරීම සහ මීට පෙර අවුරුදුවලදී LTTE මහවිරු සමරුවලදී ලබාගත් පැරණි වීඩියෝ පට මේ අවුරුද්දේ කරන ලද මහවිරු සමරු වශයෙන් අසත්‍ය ලෙස හුවාදක්වමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය කිරීම යන චෝදනා සැකකරුවන්ට එල්ල වී ඇති බව සඳහන්.

ඒ අනුව රජයට එරෙහිව මහජන විරෝධය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය සහ 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය යටතේ ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...