ජනපති අනුරගේ වැඩ ගැන හිටපු ජනපති රනිල් සතුට පළකරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග තමන් එකඟ වූ රාමුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් තම සතුට ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලාම තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න. වර්ථමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත් IMF සංවිධානය සමග එකඟ වූ රාමුව ඉදිරියට ගෙන යාම ගැන මගෙත් සතුට ප්‍රකාශ කරනවා. මොකද අපිට ඒකෙන් පිට යන්න බැහැ. එතැනදි අපේ පවතින ධාරිතාව සම්පූර්ණ වුණාට පස්සේ අපිට අලුත් මාර්ග සොයන්න වෙනවා”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 29) අමාරි කළම්බෝ තරු පහේ ජාත්‍යන්තර හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...

මහවැලි ගගට නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි!

කොළඹ LNW:මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු...

හලාවත රෝහල තාවකාලිකව වසා දමයි

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හලාවත මහ රෝහල...