අඬන්න ඇති නිදහස ….

Date:

මේ ආණ්ඩුවට මම රෙස්පෙක්ට් කරන එක දෙයක් තියනවා. ඒ තමයි ඇත්තටම අඬන්න ඕනි වෙලා තිබ්බ මිනිස්සු කොටසකට අඬන්න නිදහසවත් ලබාදීම.

උතුරේ දෙමළ සමාජයේ එක කොටසක් වෙනම රාජ්‍යක් ඉල්ලුවා. ඒ වෙනුවෙන් සටන් කළා. තවත් කොටසක් ෆෙඩරල් ඉල්ලුව. තවත් කොටසක් පළාත් සභා එක්ක එකඟ උනා. තවත් සමහරු ඒකීය රටක් වෙනුවෙන් හිටිය. සමහරු දකුණත් එක්ක හිටිය. සමහරු වමත් එක්ක හිටිය. සමහරු කොහාටත් නැතුව හිටිය. මේ වගේ ගොඩක් බහුත්වයන් තිබ්බ.

මේ සියලු බහුත්වයන් අතරේ හැමෝටම බෙදාගන්න කඳුළක් තිබ්බ. සටන් කරලා හරි නැතුව හරි නැතිවෙච්ච මිනිස්සු හිටිය. ඒ වෙනුවෙන් අඬන්න, මල් මිටක් තියන්න, ගීතයක් කියන්න උවමනා උණා.

හැබැයි යුද්දෙන් පස්සේ කිසිම කෙනෙක් ඒ නිදහස දුන්නේ නැහැ. විශේෂයෙන් ලිබරල් කියල කියන උන් නම් දුන්නෙම නැහැ.

නමුත් අද දවසේ එයාල එහෙම අඬල, දුක කියල, දුක බෙදා හදා ගන්නවා. අවම වශයෙන් වෙන මොන නිදහසක් නැතත් නිදහසේ අඬන්න ඇති නිදහස දැන් ඔවුන්ට ලැබිල තියනවා.

ඒකම ඇති සුවපත් වෙන්න….

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...

මහවැලි ගගට නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි!

කොළඹ LNW:මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු...