ආණ්ඩුවෙන් හාල් ගෙන්නලා ගබඩා නැත්නම් ඇමති නිවාසවල ගබඩා කරහල්ලාකො හත්ඉලව්වේ – අසේල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එදා කුඹුරට ගොස් ගොයම් අතට ගෙන කෘෂිකර්මාන්තය ගැන කතා කළ නාමල් කරුණාරත්නලාට, ටී. බී. සරත්ලාට නියෝජ්‍ය ඇමති තනතුරු සමග තුනෙන් දෙකටටත් අධික පාර්ලිමේන්තු බලයක් ලැබී ඇති බැවින් කෘෂිකර්මාන්තයේ ප්‍රශ්න විසඳීමට දැන් ඔවුන් වැඩ කළ යුතුව ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසයි.

“කෘෂිකර්මය ගැන වෙලට ගිහිල්ලා ගොයම් අරන් කතා කළේ නාමල් කරුණාරත්නලා, ටී. බී. සරත්ලා. අපි ඒ මහත්වරුන්ට කියනවා දැන් ඔයාලාට බලය හම්බවෙලා තියෙන්නෙ. තුනෙන් දෙකටත් එහා බලයක් දීලා තියෙන්නෙ. දැන් ඕගොල්ලො වැඩකරන්න ඕනෙ. මේ මරණාධාර සමිතියකවත් හිටපු නැති කට්ටිය අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. දැන් මේ ගියපු කට්ටිය දැනගන්න ඕනෙ මේ වැඩේ කරන්න. ඇයි මේ පුද්ගලික අංශයට නාඩු ගේන්න අවසර දෙන්නෙ මොකටද ? ඇයි ආණ්ඩුවෙන් ගෙනල්ලා, දැන් ඔය ඇමති නිවාස තියෙනවා, ඒවායෙ ගබඩා කරහල්ලාකො හත් ඉලව්වේ හාල් ටික ගබඩා නැත්නම්”

අසේල සම්පත් මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...