ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර්01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බ්‍රසීලය / රුසියාව / ඉන්දියාව / චීනය / දකුණු අප්‍රිකාව හා තවත් රටවල් රැසකින් BRICS සමූහය සමන්විත වන අතර, ඉන්දියාව , චීනය හා රුසියාව ඇතුළු බ්‍රික්ස් සාමාජික රටවල් සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාසයේ පැවති BRICS සමුළුවෙන් පසුව ඇමෙරිකා ඩොලර් යොදා නොගනිමින් සිදුකෙරෙන ගනුදෙනු ඉහළ නැංවීම හා දේශීය මුදල් ඒකක ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත්තේ, ඉන්දියාව ඇතුළු BRICS රටවල් ඇමෙරිකා ඩොලරය භාවිතය අවම කළහොත් හෝ ජාත්‍යන්තර ගනුදෙනු සඳහා වෙනත් මුදල් වර්ගයකින් ඩොලරය ප්‍රතිස්ථාපනය කළහොත් 100% ක් තීරුබදු පනවන බවටයි .

BRICS සමූහය ඩොලරයෙන් ඉවතට යන ආකාරය දෙස තමන් බලා නොසිටින බවයි ට්‍රම්ප් අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. ජාත්‍යන්තර වෙළඳාමේ දී BRICS සමූහයට ඇමෙරිකා ඩොලරය ප්‍රතිස්ථාපනය කිරීමට අවස්ථාවක් නොමැති අතර එයට උත්සාහ කරන ඕනෑම රටක් ඇමරිකාවෙන් ඈත් විය යුතු බවද එහි සඳහන් වේ.

මේ අතර 2025 වසරේ ජනවාරි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ තීරුබදු යුද්ධයේ දෙවන රැල්ලක් ලෝකයට දැකගත හැකි වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා සිටී..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...