*
Monday, December 2, 2024
spot_img

Latest Posts

සාරුජාන්ගෙන් සරු ඉණිමක් – ශ්‍රී ලංකාවට ලකුණු 131 ක ජයක්

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 01,(LNW) කොළඹ :

ආසියානු කුසලාන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගය ලකුණු 131 න් ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකි වෙනවා.පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 7 ට ලකුණු 243 ක් ලැබූ ශ්‍රී ලංකාව ප්‍රතිවාදි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 112 ට දවා ගන්නට සමත් වුණා.
පළමු තරගයේ දී මෙන්ම ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සාරුජාන් ෂන්මුගනාදන් පන්දු 132 දී ලකුණු 102 ක් ලබා ගනිමින් ගොඬ නැඟූ සාර්ථක ඉණිම මේ ජයග්‍රහණය පිටුපස තිබුණු විශාලතම ශක්තිය බවට පත් වුණා.


සාරුජාන් – පුලින සහ සෙසු පිතිකරුවන්
සාරුජාන්ගේ අති විශිෂ්ඨ ඉණිමට හොඳම සහය ලැබුණෙු පුලින පෙරේරාගෙන්.බොහෝ අවස්ථා ලැබුණ ද ඉන් නිසි පල නෙලා නොගන්නා ක්‍රීඩකයෙකු ලෙස අවධානයට ලක්ව සිටි පුලින ශ්‍රී ලංකාවට කිසිඳු ලකුණක් එකතු වන්නට පෙර පළමු කඩුල්ල අහිමි වීමේ සිට දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සබඳතාවයක් පවත්වන්නට සමත් වුණා.පුලින ලකුණු 53 ක් රැස් කළේ පන්දු 83 ට මුහුණ දෙමින්.ඉවසීම හොදින්ම තිබුණු ඉණිම් දෙකක් හැටියට හැඳින්විය හැකි සාරුජාන්ගේ සහ පුලිනගේ ඉණිම් නොවන්නට,අනවශ්‍යය කලබලයකින් වේගවත් වන්නට ගොස් ශ්‍රී ලංකාවට පන්දු ඕවර් 50 නිමාවන විට ලකුණු 243 ක් යන්නත් නොහැකි වෙන්නට තිබුණා.
සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට හැකියාව තිබෙන බව පෙනෙන්නට තිබුණත් ඉවසීමේ ගුණයේ අඩුවක් පෙන් වූ නිසා ඔවුන්ට ලබා ගත හැකිව තිබු ලකුණු ගණනට මෙපිටින් දැවී යන්නට සිඳු වුණා.එසේ නොවන්නට සාරුජාන් සමඟ තවත් එක් හොද සබඳතාවයක් එකතු වූයේනම් ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව මීට වඩා විශාල සහ පොහොසත් එකක් වන්නටත්,ජයග්‍රහණය 131 ට ත් වඩා වැඩි එකක් වෙන්නටත් ඉඩ තිබුණා.


ශ්‍රී ලංකා ඉණිම බිංදුවක්ව තිබියදී පිටියට පිවිසි සාරුජාන් 49 වන ඕවරය දක්වාම කඩුල්ලේ සිටිමින් තමන්ගේ ශතකය ලබා ගන්නා අතරේම ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කිරීමට දායක වෙමින් දැක් වූ දායකත්වය සුළුවෙන් ගන්නට බැහැ.එසේම එම ඉණිම තුළ තිබුණු සංවිධානාත්මක බව සහ විශ්වාසයත් තුළින් දිස් වූ වෘත්තිමය ස්වභාවය සාරුජාන් ගැන තව දුරටත් සිතිය යුතු සහ ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා ගත යුතු බව පැහැදිළි කරනු ලැබුවා.පළමු තරගයේදී ද ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ සාරුජාන් මේ වන විට ආසියානු 19 න් පහළ ආසියානු කුසලානයේ වැඩිම ලකුණු එකතුවටද හිමිකම් කියනවා.

ඒඑම් ගසන්ෆර්
ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් හැටියට දැණුන ඇෆ්ගන් පන්දු යවන්නා වූ 18 හැවිරිදි ඒඑම් ගසන්ෆර් එරට ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග අටක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්.තරග අටකදී එක්දින ජාත්‍යන්තර කඩුලු 12 ට හිමිකම් කියන ගසන්ෆර් ගෙවුණු නොවැම්බර් 6 වන දා බංගලාදේශයට එරෙහිව මෙම ක්‍රීඩාගණයේදීම ලකුණු 26 ට කඩුලු 6 ක් දවා ගනිමින් බංගලාදේශය ජයග්‍රහණය කරා ගෙන යමින් එම තරගයේදී වීරයා ද වී තිබෙනවා.ඒ පළපුරුද්ද පදනම් කර ගනිමින් මේ තරගයේදී ද හී ලංකාවට එරෙහිව හොඳින් පන්දු යැවූ ගසන්ෆර් ලකුණු 35 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වෙනවා.

චමුදිත ගේ පන්දු යැවීම
පිළිතුරු ඉණිමට පිවිසි ඇෆ්ගන් කණ්ඩායමට නිව්ටන් රංජිත් කුමාරට සිය ඉලක්කය අහිමි වීම නිසා මුල් පන්දු ඕවර් කිහිපයේදී ලකුණු හිමි වුණා.එහෙත් මේ ලකුණු ලබා ගැනීමේ වේගයට හත්වන පන්දු ඕවරයේ සිට මාතර ශාන්ත ස්ර්වේශස් විද්‍යාලයෙන් මෙම සංචිතයට එක්ව සිටින විරාන් චමුදිත කැදවීමත් සමඟ තරගයේ ස්වභාවය වෙනස් වුණා.ඔහු තරගය ශ්‍රී ලංකාව පැත්තට හරවා ගනිමින් තරගය නිමාවන විට ලකුණු 14 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.ඔහුගේ පන්දු ඕවර් 8 තුළ නිලකුණු පන්දු ඕවර් දෙකක්ද සහිතව ගොඩ නැඟූ පීඩනය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පහසු කරන්නට පාදක වුණා.
පළමු තරගයේ මෙන්ම මේ තරගයේ දී ද ප්‍රවීන් මනීශ ලකුණු 16 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.නායක විහස් තෙව්මික ලකුණු 10 ට කඩුලු 2 ක් සහ නිව්ටන් රංජිත් කුමාර් ලකුණු 28 ට කඩුලු 2 ක් ද දවා ගන්නට සමත් වුණා.පිත්තට අමතරව කඩුල්ල පිටුපස සිට අපූරු උඩ පන්දු දෙකක් සහ ස්ටම්ප් කිරීමකට දායක වෙමින් ද ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා තමන් බව සාරුජාන් තව දුරටත් තහවුරු කළා.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් පන්දු රැකීම් කම්මාලි ස්වරූපයක් ගත්තා මෙන්ම,ඇතැම් අවස්ථාවල කලබලකාරී වීම නිසා ද ඇෆ්ගනිස්තානයට එකතු වූ ලකුණු කිහිපයද අඩු වුණානම් මේ ජයග්‍රහණයේ විශාලත්වය තවත් වැඩි වෙන්නට තිබුණා. එසේම කුගදාස් මතුලන් වැනි වේග පන්දු යවන්නෙක් සමඟ වැඩි පුර හුරුවක් කඩුලු රකින්නෙකුට ඇත්නම් එය තව දුරටත් වැදගත් විය හැකි බව ද මෙහිදී අවධානයට ලක් විය යුතුයි.

ඇෆ්ගනිස්තානයේ අවසන් කඩුලු 5
ඇෆ්ගනිස්තානයේ මුල් කඩුලු 5 ලකුණු 54 දී දැවී ගියා.එතැන් සිට නැවත ඔවුන් දෙසට තරගය නැඹුරු කර ගැනීමේ ප්‍රශස්ත උත්සාහයක නිරත වෙන්නට නසිපුල්ලා අමිරි (33) සහ හම්සා ඛාන් (32) සමත් වුණා.හයවන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ලකුණු 48 ක සබඳතාවයක් පවත්වමින් සහ ඇෆ්ගනිස්තානයට තරගයට සමීප විය හැකි ලකුණු වේගයකට ලකුණු පූවරුව කැඳවා එමින් යම් බලපෑමක් ඇති කරන්නට උත්සාහ කළා.එහෙත් ලකුණු 102 දී හයවන කඩුල්ල ලෙස හම්සාගේ කඩුල්ල අහිමි වීමත් සමඟ එක දිගට ලකුණු 10 ක් ඇතුළත ඇෆ්ගනිස්තානයේ සියලුම කඩුලු දැවී ගියා.
ලකුණු පූවරුව → https://es.pn/3B4BkSE

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan