රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW :
නොවැම්බර් 30 දින රාත්‍රිය වන විට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව පහත අයුරින් වාර්තා විය.
වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 82
තුවාලකරුවන් සංඛ්‍යාව 16
අතුරුදහන් වූවන් සංඛ්‍යාව 34
සුරක්ෂා මධ්‍යස්ථාන ගණන 181
සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින පවුල් සංඛ්‍යාව 6685
සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සංඛ්‍යාව 23777
ඥාති නිවාස වල සිටින පවුල් සංඛ්‍යාව 2410.
සිදු වී ඇති මරණ 82 න් 80 ක, මරණ පරීක්ෂණ අවසන් කොට ඇත. තහවුරු කර ගත් මරණ සඳහා හැකි ඉක්මනින් වන්දි මුදල් ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්ට උපදෙස් දෙන ලදි.
අතුරුදහන් වූ 34 දෙනා පිලිබද කරුණු ඉක්මනින් තහවුරු කර ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පතිට උපදෙස් දෙන ලදී. ඉන්දියානු යුද හමුදාවේ40 ක විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් බදුල්ලට පැමිණ මෙහෙයුම් ආරම්භ කොට ඇත.
🛑ප්‍රගතිය
අඩාල වී තිබූ බදුල්ල නගරයේ ජල සැපයුම 100% ක් සම්පූර්ණ කිරීමට හැකි විය.
වැලිමඩ හානියට පත් පොම්ප ගොඩගෙන අලුත්වැඩියා කටයුතු සිදු කර, දෙසැ(01) දින වන විට ජල සැපයුම සිදු කළ හැක. මහියංගනයේ ජල බවුසර් 06 ක් මගින් ජලය සපයනු ලැබේ.
මහියංගනයේ ජල සැපයුමට අදාළ ලීටර් 1000 ජල ටැංකි ප්‍රාදේශිය ආපදා කළමනාකරණ කමිටුවේ අනුමැතියට යටත්ව මිලදී ගැනීමට උපදෙස් දෙන ලදී.
ඇටම්පිටිය හා සිම්මියාපුර ජල සම්පාදනය හෙට(01) වන විට සම්පූර්ණ කළ හැක.
🛑විදුලි සැපයුම
ඇල්ල, මහියංගනය, රිදීමාලියද්ද, කන්දකැටිය, පස්සර, 05න් ඌවපරණගම සහ බදුල්ල ප්‍රදේශවල බිඳ වැටුණු විදුලිය සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් තිබේ.
මුළු විදුලි පාරිභෝගිකයන්ගෙන් 126,000 කට, එනම් 40% කට විදුලි සැපයුම අහිමි විය.
දෙසැ (01) දින වන විට පාරිභෝගිකයින් 15000 කටත් අනිද්දා (02) වන විට පාරිභෝගීකයින් 25000කටත් විදුලිය නැවත ලබා දිය හැක.
🛑සෞඛ්‍ය පහසුකම්
විශාල ලෙස හානියට පත් මහියංගණයේ මූලික රෝහල යුද හමුදාවේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව දින 3ක් තුල යාවත්කාලීන කිරීම ජයග්‍රහණයකි.
අද වන විට සායනික රෝගීන්ගේ ප්‍රතිකාර ආරම්භ කර ඇත.
දෙසැ (01) වන විට OPD කටයුතු ආරම්භ කරනු ලැබේ.
Dialysis කළ යුතු රෝගීන් පොළොන්නරුව සහ බදුල්ල රෝහල්වලට යැවීමට කටයුතු කොට ඇත.හෙට(01) වන විට Dialysis සිදු කිරීම ආරම්භ කරනු ලැබේ.
කන්දෙගෙදර රෝහලේ කටයුතු සාර්නියාහි, රෝහල ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී.
ස්ප්‍රිංවැලි රෝහලේ කටයුතු අභයපුර ප්‍රජා ශාලාව තුළ සිදු කිරීමටත්, ජංගම සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යාමටත් කටයුතු කරමින් තිබේ.
රෝබේරිය රෝහලට හෙට දින හෙලිකොප්ටරයක් මගින් ආහාර ද්‍රව්‍ය සැපයීම සිදු කරනු ලැබේ.
රෝහල්වලට අවශ්‍ය generator හෙට දින සපයා දෙනු ලැබේ.
🛑කඳවුරු ආරක්ෂාව
සුරක්ෂා මධ්‍යස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස නියෝජ්‍ය පොලිස්පති තුමාට උපදෙස් දෙන ලදී. පොලිස් රාජකාරි සඳහා අමතර වාහන දෙකක් ලබා දෙන ලෙස ඌව පළාත් ප්‍රධාන ලේකම්ට උපදෙස් දෙන ලදි.
🛑මාර්ග
ඇල්ල වැල්ලවාය මාර්ගය විවෘත කොට ඇත. ස්ප්‍රිංවැලි පහළ ගම පන්සලඅසලට වන තෙක් පාරක් පිරිසිදු කර ඇත.
දෙසැ 01 දින බදුල්ල පස්සර මාර්ගයත්,පස්සර බිබිල මාර්ගයත්, බදුල්ල මහියංගන මාර්ගයත්, විවෘත කරනු ලැබේ.
බදුල්ල ස්ප්‍රිංවැලි මාර්ගය දින දෙකක් තුළ විවෘත කල හැක.
පළාත් මාර්ග 176න් විනාශයට පත් වූ මාර්ග 96ක් මේ වන විටත් අලුත්වැඩියා කොට ඇත.
පාලම් අලුත්වැඩියා කරනු ලැබේ.
🛑සන්නිවේදන
අලාභ වූ කුළුණු 43න් අටක් මේ වන විටත් යාවත්කාලීන කොට ඇත.
දැනට ම පවතින තොරතුරු අනුව සුරක්ෂා මධ්‍යස්ථාන වල පහත සඳහන් පිරිස් ඇති බව අනාවරණය විය.
ගර්භනී මව්වරුන් 13
අවුරුදු 1ට අඩු ළමුන් 18
අවුරුදු 1-5 අතර ළමුන් 109
අවුරුදු 5-10 අතර ළමුන් 98
අවුරුදු 60 ට වැඩි 238
2025.12.01 දින යුද හමුදා බටපිරිස් යෙදවීම.
✅ ඌවපරණගම ජල සම්පාදන කටයුතු 15
🛠 කළුගහකඳුර 15
🛠 පොල්ගහරාව 15
🛠 කුමාරසිංහ මාවත 10
🛠 මහියංගණ ජල සම්පාදන කටයුතු 30
🛠 මහියංගන රෝහල 30
🛠 කහටරුප්ප 10
🛠 කැන්දගොල්ල 10
🛠 බණ්ඩාරවෙල 20
🛠 හපුතලේ 20
🛠 ගලඋඩ/වාසනාගම 20
🛠 පස්සර 150
🛑2025.12.01 දින සහන සේවා බලකාය යෙදවීම.
🛠 බදුල්ල 200
🛠 ලුණුගල75
🛠 පස්සර 75
🛠 සොරණාතොට 25
🛠 මීගහකිවුල 25
🛠 ඌව පරණගම 50
🛠 හාලිඇල 50
✅ ආගමික කටයුතුමෙම විපතින් මියගිය සහ අතුරුදන් වූ පිරිස සඳහා පිං පමුණුවීමටත්, ප්‍රදේශයටත් රටටත් සෙත් පැතීම සඳහා 2025.12.04 වන දින බදුල්ල කේන්ද්‍ර කොට ගනිමින් සර්වාගමික කටයුතු සිදු කිරීමට සූදානම් කොට ඇත.
බදුල්ල දිස්ත්‍රික්කය තුළ මෙම විපතට ලක් වූ රාජ්‍ය සේවකයන්ගේ ලේඛනයක් ලබා ගන්නා ලෙසත්, ඔවුන්ට අවශ්‍ය සහන ලබා දෙන ලෙසත් උපදෙස් දෙන ලදී