රජයේ නිලධාරීන්ගේ පහසු ඇඳුම් චක්‍රලේඛය අවලංගු කෙරේ

රජයේ නිලධාරීන්ට ගැලපෙන පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීම සඳහා අවසර ලබාදෙමින් නිකුත් කර තිබුණු චක්‍රලේඛ දෙකක් අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව 2019.06.26 දිනැති අංක 13/2019 (I) සහ 2022.09.27 දිනැති අංක 05/2022 දරණ චක්‍රලේඛ ඊයේ (30) දිනයේ සිට අවලංගු කෙරෙන බවයි නව චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ.

RN