පාඩු ලබන ආයතන විතරක් කවුද ගන්නේ ? – පෞද්ගලීකරණය ගැන ඇමති දිළුම්ගෙන් ප්‍රකාශයක්

Date:

ඇමරිකානු ඩොලර් බිලියන තුනක් – හතරක් වැනි ප්‍රමාණයක් සංචිත වශයෙන් පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය වී ඇති අතර රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමෙන් හැර මෙවන් මුදලක් හදිසියේ සොයාගැනීමට වෙනත් ක්‍රමයක් නොමැති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“රක්ෂණ සංස්ථාව අදට වුණත් පවතින්නේ පෞද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධව කරගෙන ගිය නිසා. මේක විදේශීය ආයෝජකයින්ටම දෙනවා කියලා එකක් නෑ. නමුත් තියෙන කොටහ පෞද්ගලීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක විතරයි ඒකෙ සඳහන් කරන්නේ. ඒකෙන් නරකක් වෙන්නෙ නෑ. පාඩු ලබන ආයතන විතරක් කවුද ගන්නේ ? ඩොලර් බිලියන තුනක් හතරක් අපට සංචිත හැටියට තියාගන්න වෙනවා භාණ්ඩාගාරයේ. ඉතින් මේක ගන්න හදිසියේ වෙන ක්‍රමයක් නෑ”

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...