*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් …

දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලදායක ලෙස විසඳුම් දිය හැකි රාජ්‍යයන් ඒ සඳහා ඍජුව මැදිහත් නොවීම අනාගත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COP-27 සමුළුවේ සාර්ථකත්වයට ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ COP-27 ගිවිසුම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් පසුගියදා (28) නිකුත් කරමිනි.

එහි මෙසේද සඳහන් වේ.

‘මානව වර්ගයාගේ අනාගතයට ඇති විශාලතම තර්ජනය වන දේශගුණික විපර්යාසවල‍ට මුහුණ දීම සඳහා COP යටතේ වසර 27ක් තිස්සේ ලෝක නායකයන් රැස්ව සිටිති. එහෙත්, COP ක්‍රියාවලිය මගින් එකඟවී ඇති පරිදි දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ විශ්වීය සහ සහයෝගී සැලැස්මක් ක්‍රියාවට නැන්වීමට අප මුලපුරා නැත.

COP-27 සමුළුවේදී ඇතිකර ගත් එකඟතාවන්, අනුපූරක සහ ප්‍රගතිශීලී පිළියමක් කරා ලෝකයේ ජාතීන් යොමු කිරීමට අපොහොසත් වී ඇත. කනගාටුවට කරුණක් නම්, සාර්ථකත්වයට ඇති ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීමයි. සමුළුවේ අවසාන ප්‍රතිඵලය කනස්සලුදායකය.

විශාලතම හානිවලට ඓතිහාසික ලෙස වගකිව යුතු හා දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිඵලදායක විසඳුම් ලබා දිය හැකි රටවල නායකයන් මෙම සමුළුවට සහභාගි නොවීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාකාරකම්වල ඉදිරි ගමනට විශාල බාධාවකි.

සමකය ආසන්නයේ දකුණු අර්ධ ගෝලයේ ජාතීන්ට (Global South) අර්ධ ජයග්‍රහණයක් වන ‘හානි හා අලාභ අරමුදල‘ ලබා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට සිදු විය. එය සාක්ෂාත් කර ගනු ලැබුවේ G77 ජාතීන් එකාවන්ව පෙළ ගැසී පසුගිය වසරවල එල්ල කළ පීඩනයේ ප්‍රතිඵලයක් වශයෙනි.

හානි හා අලාභ අරමුදල නිවැරදි දිශානතියේ පියවරක් වුවත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය සැපයීම සඳහා වගකිව යුතු ජාතීන් හඳුනා ගැනීමේ දී දැඩි අතපසු වීමක් සිදු වී තිබේ. අරමුදල පිහිටුවීමේ මූලාශ්‍රවල වගකීම් හෝ වන්දි පිළිබඳ ප්‍රතිපාදන ඇතුළත් නොවේ. එනිසා, G77 රටවලට හානි හා අලාභ අරමුදල එහි පූර්ණ විභවතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අඩු-පාඩු සපුරාලීමේ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය වනු ඇත.

එපමණක් නොව, මෙම අරමුදල පසුගාමීය. එය සිදු වූ හානි සඳහා පමණක් වන්දි දෙනු ඇත. එය දේශගුණික විපර්යාසවලට මූලික වූ හේතු ආමන්ත්‍රණය නොකරයි. එබැවින් දැනට සිදු වෙමින් පවතින පරිසර විනාශය මැඬපැවැත්වීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 100ක මූල්‍ය ආධාර ඉලක්කය සපුරා ගැනීමට ඉලක්කගත උත්සාහයක් දැරීම අත්‍යවශ්‍ය කරුණකි.

ලෝකය මීට පෙර පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා වේගයෙන් දියුණු වෙමින් පවතින අතර, ඒ නිසා දේශගුණික විපර්යාස අවම කිරීමේ ප්‍රයත්නයන් කල්මැරීමට ඉඩ හැරිය නොහැක. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට වඩා වැඩි වීමට ඉඩ නොදිය යුතු බවට පසුගිය වසරේදී ලෝකය ඒකමතික තීරණයකට පැමිණියේය. මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මකට ද එකඟ විය. කෙසේ වෙතත්, එහි මුල් ඉලක්කය නොවෙනස්ව තිබෙන අතර, මෙම ඉලක්කය සපුරා ගත යුතු ආකාරය COP-27 හි ගත් තීරණ දෙස බලන විට යම් පසුබෑමකට ලක්ව තිබේ.

තවද, ෆොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත්වීමේ හෝ විමෝචනය පිළිබඳ නව ඉලක්ක කෙරෙහි දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන බව නොපෙනෙයි. මෙම ගිවිසුම් වෙඩි පහරකින් ලත් තුවාලයකට දමන ලද කුඩා වෙළුම් පටියක් බඳුය. දේශගුණික විපර්යාස නූතන ලෝකයට ත්‍රස්තවාදය වැනිම තර්ජනයකි. ලෝක නායකයන් අවංකව මෙයට සම්බන්ධ නොවන්නේ නම්, ගෝලීය දේශගුණය නරක අතට හැරෙන විට සහ වාසස්ථාන අහිමි වන විට පැත්තකට වී සිටීමේ වරදට වරදකරුවන් වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත COP-28 සමුළුව තවත් ආරම්භයක්ම නොවිය යුතු අතර, ඒ වෙනුවට අතීත තීරණ ක්‍රියාත්මක කිරීමේ කේන්ද්‍රස්ථානයක් විය යුතුය. එය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරෙන මෙන්ම දේශගුණික විපර්යාස සඳහා ගෝලීය ප්‍රතිචාරය ශක්තිමත් කෙරෙන වසරක ආරම්භය සනිටුහන් කරන මුද්‍රාවක් විය යුතුය.

මෙම සමුළුව අර්ථවත් වීමට නම්, COP-28 හි තිරසර ප්‍රගතියක් ලබා ගත යුතුය. එසේ නොමැති නම්, COP විසුරුවා හැරීම වඩාත් සුදුසු වන අතර මේ ආකාරයට පවත්වා ගෙන යා යුතු නැත.

රෂිකා හෙන්නායක
2022.12.01

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan